උතුරු කොරියාව කෙටි දුර මිසයිල දෙකක් අත්හදා බැලූ බව එක්සත් ජනපද නිලධාරීන් අඟහරුවාදා ප්‍රකාශ කළේ, මෙම මිසයිල පරීක්ෂණය සාමාන්‍ය හමුදා ක්‍රියාකාරකම් ලෙස උපුට දක්වමිනි.
ඒවා කෙටි දුර, බැලස්ටික් නොවන මිසයිල පද්ධති වන අතර ඒවා වඩාත් තර්ජනාත්මක ආයුද තහනම් කරන එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ යෝජනාවලට යටත් නොවන බව එක්සත් ජනපද පරිපාලනයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් වාර්තාකරුවන්ට පැවසීය.
"මේ සති අන්තයේ අප දුටු දේ එම ගණයට අයත් වන්නේ නැහැ. උතුරු කොරියාව විවිධ පද්ධති පරීක්ෂා කිරීම සාමාන්‍ය සිදුවීමක්" නිලධාරියා පැවසීය. "අපි සෑම ආකාරයකම පරීක්ෂණයකට ප්‍රතිචාර දක්වන්නේ නැහැ."
කෙසේ වෙතත් එක්සත් ජනපද රාජ්‍ය ලේකම් ඇන්ටනි බ්ලින්කන් සහ ආරක්ෂක ලේකම් ලොයිඩ් ඔස්ටින් ජපානය සහ දකුණු කොරියාව වෙත ගොස් කලාපයේ ඔවුන්ගේ සන්ධානය සහ ආරක්ෂක ගැටලු සාකච්ඡා කිරීමෙන් දින කිහිපයකට පසුව උතුරු කොරියාව මෙම මිසයිල අත්හදා බැලීම සිදුකිරීමද විශේෂත්වයකි.
එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩන්ගේ පරිපාලනය උතුරු කොරියාව සමග සාකච්ඡා නැවත ආරම්භ කිරීමේ උපාය මාර්ගයක් සකස් කරමින් සිටින අතර ධවල මන්දිරය ලබන සතියේ මේ සම්බන්ධයෙන් දකුණු කොරියානු සහ ජපානයේ ආරක්ෂක නිලධාරීන් සමග සාකච්ඡා කරනු ඇති බවද සඳහන් වෙයි.