උතුරු අප්‍රිකාවේ අල්කයිඩා නායක අබ්දෙල්මාලෙක් ඩෘක්ඩෙල් මාලි රාජ්‍යයේදී සිදු කළ මෙහෙයුමකදී ඝාතනය කළ බව ප්‍රංශය පවසයි.
ප්‍රංශ ආරක්ෂක ඇමතිනී ෆ්ලෝරන්ස් පාර්ලි පැවසුවේ බදාදා ඩෘක්ඩෙල් සහ ඔහුගේ අභ්‍යන්තර කවයේ සාමාජිකයන් රටේ උතුරුදිග ප්‍රදේශයකදී මෙසේ ඝාතනයට ලක්ව ඇති බවයි.
ප්‍රංශ හමුදා විසින් මාලි නුවරදී ඉස්ලාමීය රාජ්‍ය කණ්ඩායමේ ජ්‍යෙෂ්ඨ අණදෙන නිලධාරියෙකුද මැයි මාසයේ මෙහෙයුමකදී අත්අඩංගුවට ගත් බව සඳහන් කළේය.
ත්‍රාසජනක මෙහෙයුමකදී ත්‍රස්තවාදී කණ්ඩායම්වලට දැඩි පහරවල් එල්ල කර ඇති බව ඇය පැවසුවාය.
"අපගේ හමුදා අප්‍රිකානු සහේල් කලාපයේ රාජ්‍යයන්හි හමුදා සමග එක්ව සහයෝගයෙන් අඛණ්ඩව ත්රස්තවාදීන් දඩයම් කරනු ඇති" ඇය පැවසුවාය.