ඊශ්‍රායලයේ මිලියන 9.3ක ජනතාවගෙන් අඩකට වඩා වැඩි පිරිසකට කොවිඩ්-19 මර්දන එන්නත මාත්‍රා දෙකම ලබාදී ඇති බව එරට සෞඛ්‍ය බලධාරීන් පවසයි.
වසංගතයෙන් රට යටපත්වීම වැළැක්වීම සඳහා මෙසේ එන්නත් ලබාදීම ජනතාවට වඩාත් පහසු ආකාරයට සහ අනවශ්‍ය තදබදයකින් තොරව එන්නත ලබාගැනීම සඳහා වූ වඩාත් විධිමත් ක්‍රමවේදයකට එන්නත ලබාදීමට ඊශ්‍රායල් සෞඛ්‍ය අංශ කටයුතු කර ඇත.
වයස අවුරුදු 16ට වැඩි සියලුම පුරවැසියන් එන්නත සඳහා සුදුසුකම් ලබාදීමත් සමඟ ඊශ්‍රායලය ෆයිසර්-බයෝඑන්ටෙක් එන්නත බෙදා හැරීම දෙසැම්බර් මාසයේදී ආරම්භ කරන ලදී.
ඒ අනුව දෙවැනි එන්නත් මාත්‍රාව ලබාගෙන සතියකට පසුව එරට ජනතාවට කොවිඩ්-19 වසංගතයෙන් පූර්ණ ආරක්ෂාවක් සැලකෙන බව ඊශ්‍රායල් සෞඛ්‍ය අංශ වැඩිදුරටත් පවසයි.