තායිලන්තය විසින් මිලදී ගත් චීනයේ සීනොවැක් කොවිඩ්-19 මර්දන එන්නත් මාත්‍රා 800,000කින් යුතු දෙවැනි තොගය ඊයේ (20දා) එරටට පැමිණ තිබේ.
අග්නිදිග ආසියානු රට සීනොවැක් එන්නත් මාත්‍රා මිලියන දෙකක් ඇණවුම් කර තිබේ. මාත්‍රාව 200,000ක පළමු වැනි නැව්ගත කිරීම පසුගිය මාසයේ පැමිණ ඇති අතර, එය තායි වැසියන්ට එන්නත ලබා දීම සඳහා දැනටමත් භාවිතා කර තිබේ. එන්නත ලැබූවන් අතර නියෝජ්‍ය අග්‍රාමාත්‍ය සහ මහජන සෞඛ්‍ය අමාත්‍ය අනුටින් චන්විරකුල්ද විය. ඉතිරි එන්නත් ලබන මාසයේ තායිලන්තයට පැමිණෙන බව කියයි.
මේ අතර, චීනය විසින් පරිත්‍යාග කරන ලද කොවිඩ්-19 මර්දන එන්නත්වල පළමු වැනි තොගය පසුගිය සිකුරාදා කිර්ගිස්තානයේ අගනුවර වන බිෂ්කෙක් වෙත පැමිණ තිබේ.
බිෂ්කෙක් හි මනස් ජාත්‍යන්තර ගුවන්තොටුපලේ පැවති එන්නත භාරදීමේ උත්සවයට කිර්ගිස් අගමැති උලුක්බෙක් මාරිපොව් සහ කිර්ගිස්තානයේ චීන තානාපති ඩු ඩිවන් සහභාගී වූහ. කොවිඩ්-19 වසංගතයට එරෙහි කිර්ගිස්තානයේ සටනට සහාය දැක්වීම ගැන කිර්ගිස් රජය වෙනුවෙන් මාරිපොව් චීන රජයට ස්තූතිය පුද කළේය. කිර්ගිස්තානයට වසංගත සටන සඳහා ආධාර ලබා දුන් පළමු රටවලින් එකක් චීනය බවත්, චීනයේ එන්නත පරිත්‍යාගය දෙරට අතර මිත්‍රත්වය නැවත වරක් විදහා දක්වන බවත් ඔහු පැවසීය.
එමෙන්ම, චීනය විසින් පරිත්‍යාග කරන ලද දෙවැනි එන්නත් තොගය ඊයේ (20දා) ඊජිප්තුවේ කයිරෝ ජාත්‍යන්තර ගුවන් තොටුපළට පැමිණි බව ඊජිප්තු සෞඛ්‍ය බලධාරීන් පවසයි.
වෛද්‍ය කාර්ය මණ්ඩලය, නිදන්ගත රෝගවලින් පෙළෙන අය සහ වැඩිහිටියන් එන්නත ලබා ගන්නා පිරිස වනු ඇතැයි නිලධාරීහු පැවසූහ. මෙසේ පරිත්‍යාග කරන ලද චීන එන්නත්වල පළමු තොගය පෙබරවාරි 23 වැනි දින ඊජිප්තුව වෙත පැමිණියේය.