රුසියාවේ ස්පුට්නික් වී එන්නත භාවිත කරමින් ඉරානය කොවිඩ්-19 ට එරෙහිව එන්නත් කිරීමේ ව්‍යාපාරය දියත් කළ බව එරට නිල පුවත් ඒජන්සිය වාර්තා කරයි.
ඒ අනුව ඉරානයේ පළමු නිල එන්නත ලැබූ පුද්ගලයා බවට පත්ව ඇත්තේ, එරට සෞඛ්‍ය හා වෛද්‍ය අධ්‍යාපන අමාත්‍ය සයීඩ් නමාකිගේ පුත් පාර්සා නමාකි ය.
ජෝන්ස් හොප්කින්ස් විශ්වවිද්‍යාලයට අනුව ඉරානයේ මේ වනවිට සමස්ත කොවිඩ්-19 ආසාදිතයන් සංඛ්‍යාව 1,481,396ක් වන අතර, මරණ සංඛ්‍යාව 58,625කි.