ඉරානයේ න්‍යෂ්ටික වැඩසටහන් නිරීක්ෂණය වෙත ප්‍රවේශය මාස තුනක් දක්වා දීර්ඝ කිරීමට එරට එකඟ වුවත්, සිය නිලධාරීන්ට ඒවායෙහි ක්ෂණික පරීක්ෂණයන් සිදුකිරීමේ අයිතිය අවසන් කරන බව ජාත්‍යන්තර පරමාණුක බලශක්ති ඒජන්සියේ ප්‍රධානියා පවසයි.
ඩොනල්ඩ් ට්‍රම්ප් 2015 න්‍යෂ්ටික ගිවිසුම අතහැර දැමූ දා සිට එක්සත් ජනපදය පනවා තිබූ සම්බාධක ඉවත් නොකිරීම නිසා ඉරානය අඟහරුවාදා සිට සිය ප්‍රවේශ ප්‍රතිපත්තිය වෙනස් කරමින් සිටී.
මේ තත්ත්වය තුළ ඉරානය සමග සාකච්ඡා කිරීමට පසුගියදා ජාත්‍යන්තර පරමාණුක බලශක්ති ඒජන්සියේ ප්‍රධානී රෆායෙල් ග්‍රොසි එරට වෙත ගියේය.
ට්‍රම්ප් පරිපාලනය ඉරානයට සම්බාධක පැනවීම නිසා ටෙහෙරානය ලෝක බලවතුන් හය දෙනෙකු සමග අත්සන් කළ ගිවිසුම යටතේ තහනම් කර තිබූ න්‍යෂ්ටික ක්‍රියාකාරකම් නැවත ආරම්භ කිරීම අනියමින් පළිගෙන තිබුණි.