ඉන්දියාවේ සත්‍ය කෝවිඩ්-19 ආසාදිත සංඛ්‍යාව සැලකිය යුතු ලෙස අඩුවෙන් වාර්තා වීමක් පවතින බවට ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධාන විද්‍යාඥ සෞම්‍යා ස්වාමිනාදන් පවසයි.
ස්වාමිනාදන් පැවසුවේ පරීක්ෂණවල විශාල වැඩිවීමක් තිබියදීත්, රට තුළ වෛරසය පැතිරීමේ සැබෑ අගයන් ප්‍රමාණය වඩා නරක අතට හැරෙන බවයි.
"ඉන්දියාවේ පරීක්ෂණ ධාරිතාව විශාල ලෙස ඉහළ ගොස් තිබෙනවා. ඔවුන් දිනකට පරීක්ෂණ මිලියන දෙකකට ආසන්න ප්‍රමාණයක් සිදුකරනවා. නමුත් එය තවමත් ප්‍රමාණවත් නැහැ. මන්දයත් ඉන්දියාවේ ජාතික සාමාන්‍ය ධනාත්මකතා අනුපාතය 15%ක් පමණ වෙනවා. දිල්ලිය වැනි සමහර නගරවල එය 30%ක් හෝ ඊටත් වැඩියි. ඉන් කියැවෙන්නේ පරීක්ෂා කිරීමේ හැකියාව ප්‍රමාණවත් නොවන නිසා ආසාදිත හා හඳුනා නොගත් බොහෝ දෙනෙක් සිටින බවයි. සැබෑ ලෙසම ආසාදිත පුද්ගලයන් සංඛ්‍යාව කොපමණ දැයි දැන ගන්න තව කාලයක් යාවි." ස්වාමිනාදන් පැවසීය.
ස්වාමිනාදන් කියා සිටියේ ඉන්දියාවේ මරණ අනුපාතයද නිවැරදි ගණනය කිරීමක් සිදු නොවන බව තමා විශ්වාස කරන බවයි.
"මරණ සම්බන්ධයෙන් ගත් කල, මරණ ගණනය කිරීම් යටතේද නිවැරදි ගණනය කිරීමක් නොවිය හැකියි. බොහෝ රටවල් ආපසු ගොස්, ඔවුන්ගේ මරණ සංඛ්‍යා ලේඛන නැවත සලකා බලා ඒවා නිවැරදි කර තිබෙනවා. පළමු රැල්ල අතරතුර ඉන්දියාවේ සමහර ප්‍රාන්තවලද මෙය සිදුවී තිබුණා. ඔවුන් ආපසු ගොස් මරණ සංඛ්‍යාව දෙස බලා ඒවා නිවැරදි කළා. සැබෑ මරණ සංඛ්‍යාව විශාල යැයි මා සිතනවා. නමුත් එය කොපමණ දැයි බැලීමට අපහසුයි" ඇය පැවසුවාය.
ජාතික සමීක්ෂණවලට අනුව ඉන්දියාවේ දැනටමත් වෛරසය වැලඳී ඇති පුද්ගලයන්ගේ ප්‍රමාණය මීට පෙර වාර්තා වූවාට වඩා අවම වශයෙන් 20 සිට 30 ගුණයකින් වැඩි වී ඇති බව ස්වාමිනාදන් පෙන්වා දුන්නාය. සමීක්ෂණ පදනම් වී ඇත්තේ ප්‍රතිදේහ මිනුම් මත බවද ඇය පැවසුවාය.