ඉන්දියාවේ ෆෙඩරල් සෞඛ්‍ය අමාත්‍යාංශයේ දත්තවලට අනුව ඊයේ (03දා) ඉන්දියාව විසින් නව ආසාදිතයන් 89,129ක් සහ මරණ 714ක් වාර්තා කර තිබේ.
ඒ අනුව ඉන්දියාව මේ වසරේදී වාර්තා වූ වැඩිම දෛනික ආසාදන සිද්ධීන් සංඛ්‍යාව එදින වාර්තා කර ඇති බව දත්ත වාර්තා පෙන්වා දෙයි.
එක්සත් ජනපදය හා බ්‍රසීලය පසු ලොව තුන්වැනි වැඩිම ආසාදිතයන් සංඛ්‍යාව වාර්තා වන ඉන්දියාවේ මේ වනවිට රෝගීන් 12,392,260ක් දක්වාත්, මරණ 164,110ක් දක්වාත් ඉහළ ගොස් තිබේ.
වසංගතයේ තවත් රැල්ලක් ඉන්දියාවේ විශාල වන බැවින් පසුගිය දින කිහිපය තුළ දෛනික සක්‍රීය රෝගීන්ගේ සංඛ්‍යාව ඉහළ යමින් පවතින බවද එරට සෞඛ්‍ය අංශ පවසයි.
ඉන්දියාව ජනවාරි මාසයේදී රටපුරා එන්නත් කිරීමේ මෙහෙයුමක් දියත් කළ අතර මේ වන විට මිලියන 73කට අධික පිරිසකට එන්නත් ලබා දී ඇත.