COVAX වැඩසටහනට සහභාගී වන රටවලට ඉන්දියාවේ සේරම් ආයතනය විසින් නිපදවන කොවිඩ්-19 එන්නත් මාර්තු සහ අප්‍රේල් මාසවලදී ප්‍රමාද වන බව ගාවි, එන්නත් සන්ධානය නිවේදනය කරයි.
COVAX යනු අඩු ආදායම්ලාභී රටවල් සඳහා වට්ටම් හෝ නොමිලේ එන්නත් මාත්‍රාවන් සමග එන්නත් අසමානතාවය අඩු කිරීම අරමුණු කරගත් ලෝක සෞඛ්‍ය සංවිධානයේ මැදිහත්වීම පැවති ගෝලීය එන්නත් බෙදාගැනීමේ මුල පිරීමකි.
ඉන්දියානු රජය නව කොවිඩ්-19 ආසාදන රැල්ලක් සමග කරන සටන මෙම ප්‍රමාද වීමට හේතුව ලෙස දක්වයි. ඉන්දියාවේ දෙවැනි රැල්ලක බිය උපදවන අවස්ථාවන්හි ඉහළ යාමක් රට තුළ පවතින අතරතුර, ඉන්දියාවේ සෞඛ්‍ය අමාත්‍යංශය විසින් කොවිඩ්-19 නව ද්විත්ව විකෘති ප්‍රභේදයක් සොයාගත් බව නිවේදනය කළේය.
ඒ අනුව ඉන්දියාව මේ වනවිට එරට ජනතාව වේගවත් එන්නත් කිරීමකට සූදානම් වන බැවින් මෙසේ එන්නත් අපනයනය ප්‍රමාද වන බව කියයි.
“මාර්තු සහ අප්‍රේල් මාසවලදී යම් යම් සැපයුම් සම්පූර්ණ කර ඇති බව සහතික කිරීම සඳහා කෝවාක්ස් සහ ඉන්දියානු රජය සාකච්ඡා කරමින් සිටිනවා.
මේ දක්වා COVAX සඳහා කොවිෂීල්ඩ් එන්නත් මාත්‍රා මිලියන 28ක් සපයා ඇති අතර මාර්තු මාසයේදී අතිරේක මාත්‍රාවන් මිලියන 40ක් සහ අපේ‍්‍රල් මාසයේදී මාත්‍රාව මිලියන 50ක් දක්වා ලබා ගත හැකි වනු ඇතැයි අපේක්ෂා කර තිබුණි. කෙසේ වෙතත් මේ තත්ත්වය සමග එම එන්නත් සැපයුම්වල යම් ප්‍රමාදයක් සිදුවන බව කියැවෙයි.