ශ්‍රී ලංකාවේ සහ නේපාලයේත් භාරතීය ජනතා පක්ෂ ආණ්ඩු පිහිටුවීමට ඉන්දියාවේ භාරතීය ජනතා පක්ෂය සැලසුම් කර තිබූ බව ස්වදේශ කටයුතු අමාත්‍ය අමිත් ෂා පැවසුවේ යැයි ත්‍රිපුරු මහ ඇමති බිප්ලබ් ඩෙබ් විසින් අනාවරණයක් සිදුකරයි.
අගර්තාල ප්‍රාන්ත අගනුවර පැවති භාරතීය ජනතා පක්ෂ උත්සවයකදී බිප්ලබ් ඩෙබ් කියා සිටියේ රට පුරා පමණක් නොව අසල්වැසි රටවලටද භාරතීය ජනතා පක්ෂය ව්‍යාප්ත කිරීමට තම පක්ෂයට සැලසුම් ඇති බවයි.
එවකට භාරතීය ජනතා පක්ෂයේ සභාපතිවරයාව සිටි අමිත් ෂා සමග මැතිවරණයට සූදානම් වීම සම්බන්ධයෙන් වූ සංවාදයකදී මෙම අදහස් ඔහු මතු කළ බව බිප්ලබ් ඩෙබ් සිය පක්ෂ ක්‍රියාකාරීන් සමග පවසා තිබේ. භාරතීය ජනතා පක්ෂය ඉන්දියාවේ සියලුම ප්‍රාන්තවලින් ජයග්‍රහණය කිරීමෙන් පසු පක්ෂයේ විදේශීය ව්‍යාප්තිය පිළිබඳව අමිත් ෂා අදහස් දැක්වූ බව මහ ඇමතිවරයා කියයි. ඉන්දියාවේ එන්ඩීටීවී පුවත් සේවය පවසන්නේ එරට වත්මන් පාලක පක්ෂය වන භාරතීය ජනතා පක්ෂයෙන් මේ ප්‍රකාශය සම්බන්ධයෙන් නිල ප්‍රතිචාරයක් මෙතෙක් දක්වා නොමැති බවය.