ඉන්දියාවේ ප්‍රථම වරට හඳුනාගත් කොවිඩ්-19 ප්‍රභේදය මේ වනවිට අවම වශයෙන් රටවල් හා කලාප 53ක නිල වශයෙන් සොයාගෙන ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ (WHO) සතිපතා වසංගත රෝග වාර්තාව පෙන්වා දෙයි.
එක්සත් ජාතීන්ගේ සෞඛ්‍ය ඒජන්සිය කියා සිටියේ නිල නොවන මූලාශ්‍රවලින් අතිරේක රටවල් සහ කලාප හතකින්ද වෛරස ප්‍රභේදය තොරතුරු අනාවරණය කර ගත් නමුත් එය තවදුරටත් සමාලෝචනය කළ යුතු බවයි.
B.1.617 ලෙස හැඳින්වෙන මෙම ප්‍රභේදය ප්‍රථම වරට ඉන්දියාවේදී අනාවරණය වූයේ පසුගිය වසරේ අග භාගයේදීය. එතැන් සිට පර්යේෂකයන් විසින් උප වර්ග තුනක් හඳුනාගෙන ඇත. එනම් B.1.617.1 ("මුල්ම ප්‍රභේදය" B.1.617), B.1.617.2 සහ B.1.617.3 යන ප්‍රභේදයි. මේ එක් එක් උප වර්ගවල තරමක් වෙනස් ජාන සැකැස්මක් ඇත.
ලෝක සෞඛ්‍ය සංවිධානය පැවසුවේ ඉන්දීය ප්‍රභේදයට සම්ප්‍රේෂණය වීමේ හැකියාව වැඩි වී ඇති බවට සාධක පවතින නමුත් එහි රෝගයේ බරපතලකම සහ ආසාදන අවදානම තවමත් විමර්ශනය කරමින් පවතින බවයි.
කෙසේ වෙතත් මේ වනවිට ලොව පුරා කොවිඩ්-19 ප්‍රභේද හතරක් 'සැලකිලිමත් වීමේ ප්‍රභේද' ලෙස වර්ගීකරණය කර ඇත.
ලෝක සෞඛ්‍ය සංවිධානයේ යාවත්කාලීනයන් සැලකිලිමත් වන ප්‍රභේද ලෙස වර්ගීකරණය කරන ලද ප්‍රභේද හතර පිළිබඳ තොරතුරු ඇතුළත් වන අතර, ඒවා නම්, බ්‍රිතාන්‍යයේ (B.1.1.7), දකුණු අප්‍රිකාව (B.1.351), බ්‍රසීලය (P.1) සහ ඉන්දියාව (B.1.617) යන රටවල මුලින්ම පැතිරුණු ප්‍රභේදයි.
එක් එක් ප්‍රභේදය වාර්තා කරන මුළු රටවල් හා කලාප ගණන ගණනය කිරීමේදී, ලෝක සෞඛ්‍ය සංවිධානය එහි නිල හා නිල නොවන තොරතුරු ඇති රටවල් මෙසේ ගණනය කර ඇත.
බ්‍රිතාන්‍ය ප්‍රභේදය හෙවත් B.1.1.7 දැන් රටවල් සහ කලාප 149ක වාර්තා වී ඇත. රටවල් 102ක දකුණු අප්‍රිකා ප්‍රභේදය වන B.1.351 හමුවී ඇති අතර, රටවල් 59ක බ්‍රසීල ප්‍රභේදය වන P.1 හමුවී ඇති බව කියයි.
ලෝක සෞඛ්‍ය සංවිධානය B.1.617 හෙවත් ඉන්දීය ප්‍රභේදය සඳහා කලින් සඳහන් කළ ආකාරයේ උප වර්ග තුන (B.1.617.1, B.1.617.2 සහ B.1.617.3) ඇසුරෙන් ඒවා හමුවූ රටවල් හා කලාප පිළිබඳවද දත්ත වර්ග කර ඇත.
එහිදී ඉන්දීය ප්‍රභේදයේ පළමු වැනි උප වර්ගය රටවල් සහ කලාප 41ක වාර්තා වී ඇති අතර, දෙවැනි උප වර්ගය 54ක සහ තෙවැනි උප වර්ගය 06ක වාර්තා වී ඇති බව කියයි. එම රටවල් 6 වන්නේ, බ්‍රිතාන්‍ය, කැනඩාව, ජර්මනිය, ඉන්දියාව, රුසියාව සහ එක්සත් ජනපදයයි.
ඒ අනුව සමස්තයක් ලෙස B.1.617 ප්‍රභේදයේ නිල වශයෙන් රටවල් හා කලාප 53කින් සහ නිල නොවන වශයෙන් තවත් 7කින් වාර්තා වී ඇති බව පෙන්වා දෙයි.
"වෛරසය පරිණාමය අපේක්ෂා කරන අතර, SARS-CoV-2 සංසරණය වන තරමට එය පරිණාමය වීමට වැඩි අවස්ථාවන් තිබෙනවා" ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි. "දැනටමත් ස්ථාපිත සහ සාර්ථකව ක්රියාවේ නංවන රෝග පාලන ක්‍රම හරහා සම්ප්‍රේෂණය අඩු කිරීම මහජන සෞඛ්‍යයට අහිතකර බලපෑම් ඇති කරන වෛරස ප්‍රභේද ඇතිවීම අවම කිරීම සඳහා වන ගෝලීය උපායමාර්ගයේ තීරණාත්මක අංගයන් වෙනවා."