ඉන්දුනීසියාවේ මත්ද්‍රව්‍ය ආශ්රිත වැරදි සඳහා පවතින සිරකඳවුරුවල පවතින අධික තදබදය පිළිබඳ වැඩි අවධානයක් යොමුකරමින් පසුගිය බදාදා ඇති වූ ගින්නකින් මියගිය සිරකරුවන් සංඛ්‍යාව 44ක් දක්වා ඉහළ ගොස් තිබේ.
ජකර්තා අගනුවරට ආසන්නයේ පිහිටි ටැන්ගරැංහි පිහිටි බන්ධනාගාරයේ ගින්න ඇතිවන අවස්තාවේදී එහි රඳවා තැබිය හැකි සිරකරුවන් ප්‍රමාණය මෙන් තුන් ගුණයකටත් වඩා වැඩි සංඛ්‍යාවක් සිටි බව කියයි.
සිරකරුවන් 38දෙනෙකු සඳහා ඉදිකරන ලද මෙම සිරකුටිය තුළ 122ක් රැඳී සිට ඇති අතර, මෙම ගින්න මෑත කාලයේ ඉන්දුනීසියාවෙන් වාර්තා වූ දරුණුතම ගින්නක් ලෙස සැලකෙයි.
මූලික මරණ සංඛ්‍යාව 41ක් වූ නමුත් දැඩි පිළිස්සුම් තුවාල ලැබූ තවත් සිරකරුවන් තිදෙනෙකු රෝහල්ගතව සිටියදී මියයෑමත් සමග මරණ සංඛ්‍යාව 44ක් දක්වා ඉහළ ගිය බව ඉන්දුනීසියානු අධිකරණ අමාත්‍යාංශයේ බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ ප්‍රකාශිකා රිකා අප්රියන්ටෙ පැවසීය.
මෙම ගින්න විදුලිය කාන්දුවීමක් නිසා සිදු වන්නට ඇතැයි පොලීසිය සැක කරන අතර, සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ සිදුවෙයි.