ආසාදන සංඛ්‍යාවේ යම් පහළ වැටීමක් දැක ඉන්දුනීසියාව සහ තායිලන්තය කොවිඩ්-19 මැඩපැවැත්වීම සඳහා වූ සීමා ලිහිල් කිරීමට කටයුතු කළත්, එන්නත් කිරීමේ අනුපාතය තවම පහළ මට්ටමක පවතින හෙයින් නව ආසාදන අවස්ථා ඇතිවීමේ ඉහළ හැකියාවක් පවතින බවට සෞඛ්‍ය විශේෂඥයන් අනතුරු අඟවයි.
පසුගිය වසරේ ලෝකයේ බොහෝ ප්‍රදේශවලට වඩා කොරෝනා වෛරසය ව්‍යාප්ත වනවිට, ගිනිකොනදිග ආසියාව පසුගිය මාස කිහිපය තුළ ආසාදන සංඛ්‍යාවෙන් ගෝලීය කේන්ද්‍රස්ථානයක් බවට පත් වූයේ මාරාන්තික ඩෙල්ටා ප්‍රභේදය පැතිරයාම නිසාය.
කලාපයේ බොහෝ ප්‍රදේශවල තවමත් ආසාදන සංඛ්‍යාව තවමත් වේගයෙන් ඉහළ යමින් පවතින නමුත්, එහි විශාලතම ආර්ථිකයන් ඇති ඉන්දුනීසියාව සහ තායිලන්තය, අගුලු දැමීමේ ආර්ථික වේදනාව ලිහිල් කිරීම සඳහා අවන්හල් සහ සාප්පු සංකීර්ණ විවෘත කිරීම ආරම්භ කර තිබේ.
අඟහරුවාදා (අගෝස්තු 31) ඉන්දුනීසියාව නව ආසාදිතයන් 10,534ක් වාර්තා කළ අතර, එය ජූලි මැද භාගයේ උච්චතම අවස්ථාව මෙන් පස් ගුණයකින් අඩු ආසාදන අගයකි. එමෙන්ම තායිලන්තය අද (01දා) නව ආසාදිතයන් 14,802ක් වාර්තා කළ අතර එය අගෝස්තු මැද භාගයේ උච්චතම අවස්ථාවෙන් 37%ක අඩුවීමකි.
කෙසේ වෙතත්, සෞඛ්‍ය විශේෂඥයන් පෙන්වා දෙන්නේ සීමා ලිහිල් කිරීම අඩු මට්ටමේ එන්නත්කරණය හා කොවිඩ්-19 පරීක්ෂණ අඩුවෙන් කිරීම සමග අනතුරුදායක තත්ත්වයකට යන බවය.