ඇමෙරිකා එක්සත් ජනපදය තුළ මුඛ ආවරණ නීතිය සම්බන්ධ බලතල නැවත ස්ථාපිත කරන ලෙස එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩන් ප්‍රාන්ත හා ප්‍රාදේශීය නිලධාරීන්ගෙන් ඉල්ලා තිබේ.
එරට රෝග පාලනය හා වැළැක්වීමේ මධ්‍යස්ථායේ අධ්යක්ෂ වෛද්‍ය රොචෙල් වැලෙන්ස්කි ධවල මන්දිරයේ කොවිඩ්-19 සාකච්ඡාවේදී ඉදිරිය අනතුරුදායක බවට ප්‍රකාශ කිරීමත් සමග බයිඩන් මෙම පියවර ගෙන ඇත.
මේ වනවිට ඇමෙරිකාවේ ඇතැම් ප්‍රාන්ත විසින් මුඛ ආවරණ සඳහා වන අවශ්‍යතා මෙන්ම ආපනශාලා ධාරිතාව සහ වෙනත් මහජන සෞඛය ක්‍රියාමාර්ග පිළිබඳ මගපෙන්වීම් ඉවත් කර ඇති අතර, යළිත් ඇමෙරිකාව පුරා ආසාදන ඉහළ යෑමේ ප්‍රවණතාවක් හටගෙන තිබේ. පසුගිය සතියේදී ද බයිඩන් පරිපාලනය විසින් කොවිඩ්-19 මාර්ගෝපදේශ ලිහිල් කිරීම මන්දගාමී කරන ලෙස ප්‍රාන්තවලින් ඉල්ලා සිටියේය.
"මට අවශ්‍යයි ඇමෙරිකානු ජනතාව ඔවුන්ගේ කාර්යභාරය ඉටුකරනවා දකින්න. මුඛ ආවරණයක් පලඳින්න. එය දේශප්‍රේමී ක්‍රියාවක්. අපට සාමාන්‍ය තත්වයට පත්වීමට ඇති එකම ක්‍රමය එයයි." එන්නත්කරණයටත් වඩා මුඛ ආවරණයේ වැදගත්කමක් ඇති බව ඇමෙරිකානු නායකයා සිදුකර ඇති මෙම ප්‍රකාශයෙන් පැහැදිලි වෙයි.
"මේ වෛරසය බැරෑරුම් ලෙස ගැනීමට අපොහොසත් වීම නිසා මේ අවුලට අපව මුලින්ම යොමු කෙරුණා. ඉන් සිදුවූයේ වැඩි ආසාදන ප්‍රමාණයක් සහ වැඩි මරණ සංඛ්‍යාවක් සිදුවීමයි." ව්‍යාපාරයන් හා ආයතන තුළ මුඛ ආවරණ පැලඳීමේ වැදගත්කමද පෙන්වා දෙමින් බයිඩන් වැඩිදුරටත් පැවසීය.
වෛරසයේ නව ප්රභේදයන් සමග එක්සත් ජනපදයේ ඇතැම් ප්‍රාන්තවල වෛරසය යළි කරළියට පැමිණ ඇති අතර, විශේෂයෙන්ම මුඛ ආවරණ, නිතර දෑත් සේදීම, සමාජ දුරස්ථකරණය ආදී මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ග අතපසු කිරීම හෝ ඉවත් කිරීම නිසා එන්නත්කරණය හමුවේ පවා වෛරසය මෙසේ නැගී සිට ඇත.