යුරෝපා කලාපය තුළ කොවිඩ්-19 හෙවත් නව කොරෝනා වෛරසය මුල් අවධියේ අතිශය දරුණු ලෙස පැතිරී ගිය ඉතාලිය තුළ ආසාදිත මරණ සංඛ්‍යාව 30,000 ඉක්මවා යමින්, අද (09දා) අලුයම වනවිට 30,201ක් ලෙස සටහන් විය.
ජෝන්ස් හොපිකින්ස් විශ්වවිද්‍යාල දත්තවලට අනුව මේ වනවිට එරට සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 217,185කි.
එමෙන්ම වෛරසය ආසාදිතව ඉතාලියේ සුවය ලැබූවන් 100,000 සීමාවට පැමිණ තිබීමද ඉතාලියට යම් අස්වැසිල්ලකට හේතු වනු ඇති බව කියැවෙයි.
ඇමෙරිකා එක්සත් ජනපදයට පසුව යුරෝපා කලාපයේ වැඩිම ආසාදිතයන් වාර්තා වන ස්පාඤ්ඤයේ ආසාදිත අගය මේ වනවිට 222,857කි. එරට සමස්ත කොවිඩ්-19 මරණ 26,299ක් ලෙස සටහන් වෙයි. එමෙන්ම ස්පාඤ්ඤයේ මේ දක්වා සුවය ලැබූවන් 131,148ක් ලෙස සැලකිය යුතු ඉහළ අගයක් ගනී.
යුරෝපා කලාපයේ වැඩිම මරණ වාර්තා වන රට සහ ඇමෙරිකාවට පසුව ලෝකයේ දෙවැනියට වැඩිම මරණ වාර්තා වන රට බවට මහා බ්‍රිතාන්‍ය මේ වනවිට පත්ව ඇත. එරට සමස්ත ආසාදිතයන සංඛ්‍යාව මේ වනවිට 212,629කි. වෛරසය ආසාදිතව මියගිය පිරිස 31,315කි. නමුත් එරට සුවය ලැබූවන් වාර්තා වන්නේ තවමත් 1,000කට අඩුවෙනි.
ප්‍රංශයේද කොවිඩ්-19 ආසාදිතයන් 176,209ක් මේ වනවිට වාර්තා වන අතර, සමස්ත මරණ සංඛ්‍යාව 26,233කි. එරට සුවය ලැබූවන් වාර්තා වන්නේ 55,893ක් ලෙසිනි.
ජර්මනියේ සමස්ත ආසාදිත සංඛ්‍යාව 170,588කි. එරට සමසත් ආසාදිත මරණ 7,510ක් වන අතර, සුවය ලැබූවන් 141,700ක් තරම් සැලකිය යුතු ඉහළ අගයක් බව සඳහන් කළ යුතුය.