ඉතාලියේ පළාත් අතර සංචාරක තහනම තවත් සතියකින්, පෙබරවාරි 25දා දක්වා දීර්ඝ කරන බව එරට රජය පවසයි.
කෙසේ වෙතත් මෙම සංචාරක තහනමට සෞඛ්‍ය හේතූන් මත හෝ හදිසි අවස්ථා සඳහා ගමන් කිරීම ඇතුළුව සමහර ව්‍යතිරේක පවතින බවද කියයි.
මීට අමතරව, ටස්කනි, ඇබෘසෝ සහ ලිගුරියා යන ප්‍රදේශ මෙන්ම ට්රෙන්ටෝ යන පළාතද කොරෝනා වෛරස් සීමා දැඩි කරනු ඇති බව ඉතාලි සෞඛ්‍ය අමාත්‍යාංශයේ ප්‍රකාශයක දැක්වෙයි.
මෙම කලාප ඉතාලියේ මධ්‍යම මට්ටමේ සීමාවන් වන 'තැඹිලි කලාප' ලෙස නම් කෙරෙනු ඇත ඉන් අදහස් කරන්නේ එම පළාත් තුළ කෞතුකාගාර වැසෙන අතර අවන්හල් සහ බාර් විවෘත කළ හැක්කේ රැගෙන යාම සඳහා පමණක් බවය.
මේ අතර පේරුජියා නගරය වැනි එක්සත් රාජධානි කොවිඩ් ප්‍රභේදයේ පොකුරු සොයාගෙන ඇති ප්රදේශවලටද වැඩි සීමාවන් ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. සිකුරාදා නිකුත් කළ සෞඛ්‍ය අමාත්‍යාංශ අධ්‍යයනයකට අනුව ඉතාලියේ කොරෝනා වෛරස ආසාදන පහෙන් එකක් පමණ එක්සත් රාජධානියේ ප්‍රභේදයට අයත් වේ.
ඒ අනුව එක්සත් රාජධානියේ ප්‍රභේදය ඉදිරි මාස කිහිපය තුළ බහුලව පවතින එකක් වනු ඇති යැයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ මාධ්‍ය නිවේදනයක වැඩිදුරටත් දැක්වේ.