ලෝක සෞඛ්‍ය සංවිධානයට උපදෙස් දෙන විද්‍යාඥයන් පවසන පරිදි ඔක්ස්ෆර්ඩ් - ඇස්ට්‍රාසෙනෙකා එන්නත සෑම වයස් කාණ්ඩයකම වැඩිහිටියන්ට ලබාදීමට නිර්දේශ කළ හැකි බව කියයි.
ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් මෙම සහතිකය ලැබෙන්නේ රටවල් කිහිපයක්ම වයස අවුරුදු 65ට වැඩි අයට එම වයස් කාණ්ඩය තුළ එහි ඵලදායීතාව පිළිබඳ සැක සංකා නිසා එය ලබා නොදීමට තීරණය කිරීමෙන් පසුවය.
එමෙන්ම කුඩා අධ්‍යයනයකින් පසුව දකුණු අප්‍රිකානු නිලධාරීන්ද එය තම රට තුළ පැතිර යන වෛරස ප්‍රභේදයට අවම ආරක්ෂාවක් ලබාදෙන බව පවසමින් එන්නත භාවිතය අත්හිටුවන ලදී.
කෙසේ වෙතත් ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රතිශක්තිකරණ පිළිබඳ ක්‍රමෝපායික උපදේශක කණ්ඩායමේ සභාපති වෛද්‍ය ඇලෙජැන්ඩ්රෝ ක්‍රාවියෝටෝ පැවසුවේ, "සායනික අත්හදා බැලීම්වලින් ලැබෙන දත්ත සම්බන්ධයෙන් ගත් කල, වයස අවුරුදු 65ට වැඩි පුද්ගලයන්ගේ සුළු සහභාගීත්වයක් ඇති බව අපි දුටුවා. නමුත් වයස අවුරුදු 65ට වැඩි වූ කාණ්ඩායමේ ප්‍රතිචාරය තරුණ වයස් කාණ්ඩවලට වඩා වෙනස් විය නොහැකි බව අපට හැඟෙනවා. එහිදී වයස අවුරුදු 65ට වැඩි කාණ්ඩයත් එන්නත් ලබාදීමේ ප්‍රමුඛතා කණ්ඩායමක් ලෙස අප හඳුනාගෙන ඇත නිසා, වයස අවුරුදු 18 සහ ඊට වැඩි ඉහළ වයස් සීමාවන්ටද එන්නත අප නිර්දේශ කරනු ලබනවා. ඒ කියන්නේ වයස අවුරුදු 65ට වැඩි අයට එන්නත ලබා දිය යුතුයි." යනුවෙනි.
පළමු හා දෙවැනි මාත්‍රාවන් අතර සති 8ක් හෝ 12 ක් අතර කාලයක් ගත කිරීම වඩාත් සුදුසු යැයිද හෙතෙම එක්සත් රාජධානිය ගත් ප්‍රවේශයට සහාය දක්වමින් කියා සිටියේ, එය "වඩා හොඳ ප්‍රතිශක්තිකරණ ප්‍රතිචාරයක්" සපයයි.
ප්‍රතිශක්තිකරණ, එන්නත් හා ජීව විද්‍යාත්මක අධ්යක්ෂ වෛද්‍ය කැතරින් ඕ බ්‍රයන් වාර්තාකරුවන්ට පැවසුවේ, "වයස්ගත පුද්ගලයින් තුළ මෙම එන්නතේ කාර්යක්ෂමතාව සැලකිය යුතු ලෙස අඩපණ වනු ඇතැයි අපේක්ෂා කිරීමට කිසිදු හේතුවක් නොමැති බවට අපට ප්‍රබල සාක්ෂි තිබෙනවා. ඒ අනුව මේ එන්නත වර්තමානයේදී, එන්නත් ලබා ගත හැකි අවස්ථාව තිබියදී, ඒ සඳහා නිර්දේශ ලබාදීමේ හදිසි අවශ්‍යතාවයක් තිබෙනවා." යනුවෙනි.
කොවිඩ්-19 වෛරසයට එරෙහි ගෝලීය සටන සඳහා ඔක්ස්ෆර්ඩ් - ඇස්ට්‍රාසෙනෙකා එන්නත ඉතා වැදගත් වන්නේ, එය අනුමත කර ඇති අනෙකුත් බොහෝ එන්නත්වලට වඩා ප්‍රවාහනය සහ ගබඩා කිරීම පහසු නිසාය. එමෙන්ම එය ලාභදායී වේ. එන්නතෙහි සංවර්ධන හවුල්කරුවන් පවසා ඇත්තේ වසංගතය අතරතුර ලොව පුරා ලාභ නොලබන පදනමක් මත එය ලබාදෙන බවත්ය.
ඒ අනුව ලෝක සෞඛ්‍ය සංවිධානයේ මෙම නවතම නිර්දේශය පිළිබඳ ප්රවෘත්ති එන්නත නිපදවීමට සම්බන්ධ අය විසින් පිළිගෙන තිබේ. එන්නත පිළිබඳ මහාචාර්ය සහ ඔක්ස්ෆර්ඩ් එන්නත අත්හදා බැලීමේ ප්‍රධාන විමර්ශක මහාචාර්ය සාරා ගිල්බට් පැවසුවේ "මෙම තීරණය මගින් කොවිඩ්-19 වලින් ජනතාව ආරක්ෂා කිරීමට සහ වසංගතය පාලනය කිරීමට එන්නත වඩාත් පුළුල් ලෙස භාවිත කිරීමට මග පාදනවා." යනුවෙනි.
ළමා ආසාදන හා ප්‍රතිශක්තිය පිළිබඳ මහාචාර්ය සහ ඔක්ස්ෆර්ඩ් එන්නත අත්හදා බැලීමේ ප්‍රධාන විමර්ශක මහාචාර්ය ඇන්ඩෘ පොලාර්ඩ් පැවසුවේ, " ලෝක සෞඛ්‍ය සංවිධානයේ මූලෝපායික උපදේශක කණ්ඩායමේ දැඩි පරීක්ෂාවකින් පසුව, කොරෝනා වෛරස වසංගතයෙන් ජනතාව ආරක්ෂා කිරීමට මෙම එන්නත භාවිත කළ හැකි බව අනුමත කළ ලෝක සෞඛ්‍ය සංවිධානයේ නව මගපෙන්වීම ඔක්ස්ෆර්ඩ් - ඇස්ට්‍රාසෙනෙකා එන්නත ලොව පුරා සෑම තැනකටම ව්‍යාප්ත කිරීම සහ තවදුරටත් සැපයීම සඳහා වැදගත් සන්ධිස්ථානයක්." යනුවෙනි.
බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන්ද මෙම පුවත පිළිගත් අතර, "අද දින ලෝක සෞඛ්‍ය සංවිධානය ඔක්ස්ෆර්ඩ්-ඇස්ට්‍රාසෙනෙකා එන්නත සඳහා වයස අවුරුදු 18 ට වැඩි සහ පැහැදිලිවම වයස අවුරුදු 65 ට වැඩි සෑම දෙනාටම භාවිත කිරීම සඳහා දක්වන සහයෝගය සනාථ කිරීම සතුටට කරුණක්." යැයි පවසා සිටියේය.