ඇස්ට්රාසෙනෙකා කොවිඩ්-19 මර්දන එන්නත රෝග ලක්ෂණ වැළැක්වීම සඳහා 76%ක් ඵලදායීතාවක් සහ රෝගයේ දරුණු තත්ත්වයන් වැළැක්වීම සඳහා 100%ක ඵලදායීතාවක් ඇති බව එම සමාගම නිවේදනය කරයි.
කෙසේ වෙතත් මෙම සතිය මුලදී එක්සත් ජනපදයේදී තුන්වැනි අදියර සායනික කාර්යක්ෂමතා අත්හදා බැලීම්වලින් පසුව එහි සාර්ථකත්වය හෙවත් ඵලදායීතාව 79%ක් බව මුලින් එම සමාගම පැවසීය.
නමුත් ඇස්ට්රාසෙනෙකා සිය කොවිඩ්-19 එන්නත පිළිබඳ එක්සත් ජනපද සායනික අත්හදා බැලීම්වලදී සපයන ලද තොරතුරුවලට යල් පැනගිය දත්ත ඇතුළත් කර ඇති බවට එරට එන්නත පිළිබඳ ස්වාධීන කමිටුව අවධානය යොමුකර ඇති කරුණු මත පදනම්ව ජාතික ආසාත්මිකතා සහ බෝවන රෝග පිළිබඳ ආයතනය චෝදනා කළේය.
කෙසේ වෙතත් මෙම චෝදනාවත් සමග ප්රකාශයක් නිකුත් කරමින් ඇස්ට්රාසෙනෙකා සමාගම කියා සිටියේ, එක්සත් ජනපදයේ එන්නත පිළිබඳ ස්වාධීන කමිටුව සමග සම්බන්ධ වී වැඩිදුර දත්ත පැය 48ක් ඇතුළත නිකුත් කරන බවය.
ඒ අනුව යමින් මේ ආකාරයෙන් එන්නතේ රෝග ලක්ෂණ වැළැක්වීම සඳහා 76%ක් ඵලදායීතාවක් සහ රෝගයේ දරුණු තත්ත්වයන් වැළැක්වීම සඳහා 100%ක ඵලදායීතාවක් ඇති බව නිවේදනය කර ඇත.