ඇස්ට්රාසෙනෙකා සිය කොවිඩ්-19 එන්නත පිළිබඳ එක්සත් ජනපද සායනික අත්හදා බැලීම්වලදී සපයන ලද තොරතුරුවල යල් පැනගිය දත්ත ඇතුළත් කර ඇති බවට එරට එන්නත පිළිබඳ ස්වාධීන කමිටුව අවධානය යොමුකර ඇති කරුණු මත පදනම්ව ජාතික ආසාත්මිකතා සහ බෝවන රෝග පිළිබඳ ආයතනය පවසයි.
ඇස්ට්රාසෙනෙකා හි කොවිඩ්-19 මර්දන එන්නත මගින් රෝග ලක්ෂණවලට එරෙහිව 79%ක කාර්යක්ෂමතාවයක් සහ දරුණු රෝග හා රෝහල් ගතවීම්වලට එරෙහිව 100%ක කාර්යක්ෂමතාවයක් පෙන්නුම් කරන බව එක්සත් ජනපදය පදනම් කරගත් නව සායනික පරීක්ෂණයක් පෙන්වා දී ඇති බව පසුගිය සඳුදා සමාගම සිදුකළ නිවේදනය සමග මෙම චෝදනාව ඔවුන් වෙත එල්ල විය.
කෙසේ වෙතත් මෙම චෝදනාවත් සමග ප්රකාශයක් නිකුත් කරමින් ඇස්ට්රාසෙනෙකා සමාගම කියා සිටියේ, එක්සත් ජනපදයේ එන්නත පිළිබඳ ස්වාධීන කමිටුව සමග සම්බන්ධ වී වැඩිදුර දත්ත පැය 48ක් ඇතුළත නිකුත් කරන බවය.