කොවිඩ්-19 වෛරස වසංගතයට එරෙහිව ඔක්ස්ෆර්ඩ් - ඇස්ට්‍රාසෙනෙකා එන්නත දිගටම භාවිත කරන ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) ඊයේ (19දා) ලොවපුරා රටවලින් ඉල්ලා සිටියේය.
ඇස්ට්‍රාසෙනෙකා එන්නත පිළිබඳ ලෝක සෞඛ්‍ය සංවිධානයේ එන්නත් ආරක්ෂාව පිළිබඳ ගෝලීය උපදේශක කමිටුව විසින් එන්නත් ලබා දී ඇති පුද්ගලයන් අතර, රුධිර කැටි ගැසීම් සහ අඩු රුධිර පට්ටිකා පිළිබඳව කරන ලද සමාලෝචනයෙන් පසුව, ලෝක සෞඛ්‍ය සංවිධානය නිගමනය කර ඇත්තේ, පවතින දත්ත මගින් එන්නත ලබාදීමෙන් පසුව රුධිර කැටි ගැසීමේ තත්ත්වයන් සමස්තයක් ලෙස වැඩි වීමක් සිදු නොවන බවට නිගමනය කර ඇතැයි ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්යක්ෂ ජනරාල් ටෙඩ්රොස් අද්නාම් ගෙබ්‍රෙයිසස් මාධ්‍ය හමුවේදී පැවසීය.
"කොවිඩ්-19 ආසාදන හා මරණ වැළැක්වීම සඳහා විශාල විභවයක් ඇති ඇස්ට්‍රාසෙනෙකා එන්නතෙහි ප්රතිලාභ එහි අවදානම් ඉක්මවා යන බවට කමිටුව නිර්දේශ කර තිබෙනවා" යැයි ටෙඩ්රොස් පැවසීය. "මේ වැදගත් එන්නත දිගටම භාවිතා කරන ලෙස අප රටවල්වලින් ඉල්ලා සිටිනවා."