අතිශය දුර්ලභ රුධිර කැටි ගැසීම් පිළිබඳ වාර්තා හේතුවෙන් රජයන් විසින් ඇස්ට්‍රාසෙනෙකා එන්නත සිය පුරවැසියන්ට ලබාදීම මගහැර නොගත යුතු බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධාන විද්‍යාඥ සෞම්‍යා ස්වාමිනාදන් අවධාරණය කරයි.
විවිධ ප්රවෘත්ති ආවරණ හේතුවෙන් මේ වනවිට එන්නත්වල කීර්තිය මහජනතාවගේ අවධානයට ලක්ව ඇති බව ස්වාමිනාදන් පැවසීය.
"පුවත්පත් සහ රූපවාහිනී නාලිකාවල මුල් පිටුවල විද්‍යාව වාදනය වනවිට සිදු වන්නේ එයයි" යැයි ස්වාමිනාදන් පැවසීය. "විද්‍යාඥයන් වන අප විසින් මේ සායනික දත්ත ආශ්රිත ලිපි සම-සමාලෝචනයකට භාජනය කර විද්‍යාත්මක සඟරාවල ප්‍රකාශයට පත්කළ පසු ඒවා කියවීම තමයි සිදුවුණේ. නමුත් පුවත්පත් නිවේදනයක් මගින් විද්‍යාත්මක තොරතුරු ප්‍රකාශ කිරීමට අප පුරුදුව සිටියේ නැහැ. නමුත් දැන් සිදුවන්නේ එයයි." ස්වාමිනාදන් පැවසීය.
මෙම එන්නත දැනටමත් පුළුල් ලෙස යොදවා ඇති අතර යුරෝපයේ මාත්‍රාවන් මිලියන 20ක්, ඉන්දියාවේ මිලියන 30ක් සහ අප්‍රිකාවේ තවත් මිලියන 10 සිට 15 දක්වා ප්‍රමාණයක් ලබා දී ඇත.
"වඩාත් පොදු රුධිර කැටි ගැසීමේ ආබාධ හෝ ත්‍රොම්බොටික් සංකූලතා සහ ඇස්ට්‍රාසෙනෙකා එන්නත අතර කිසිදු සම්බන්ධයක් නියත වශයෙන්ම නැහැ. ලෝක සෞඛ්‍ය සංවිධානය නිර්දේශ කර ඇති දෙය නම්, මෙම එන්නතෙහි ප්රතිලාභ පැහැදිලිවම අවදානම් ඉක්මවා යන බවයි." ස්වාමිනාදන් පැවසීය.
මේ අතර, ලොව පුරා ව්‍යාප්ත වෙමින් පවතින ප්‍රධාන ප්‍රභේද කිහිපයකට එරෙහිව වර්තමාන එන්නත් ඵලදායීද යන්න පිළිබඳව ලෝක සෞඛ්‍ය සංවිධානය සෑම දිනකම නිරන්තරයෙන් අධීක්ෂණය කරමින් සිටින බවද ස්වාමිනාදන් පැවසීය.
"දැනට අපගේ නිර්දේශය වන්නේ අප වැඩිදුර ඉගෙන ගන්නා අතරම, ලබාගත හැකි එන්නත් සමග ඉදිරියට යාමයි. ඇත්ත වශයෙන්ම, නිෂ්පාදකයන් ඔවුන්ගේ එන්නත්වල ඊළඟ අනුවාදය සංවර්ධනය කරන විට අපි ඔවුන් සමඟ කටයුතු කරනවා. එබැවින් අපට ලබන වසරේදී තවත් එන්නත් ලබාගත හැකියි. නිදසුනක් ලෙස, එය මුල් වෛරසයට අමතරව ප්‍රභේදවලට ඒ එන්නත් ආමන්ත්‍රණය කරනු ඇති. සෞඛ්‍ය සංවිධානයක් ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානය මේ සිදුවීම් පිළිබඳව සම්බන්ධීකරණ කටයුතුවල නියැලී සිටිනවා." ස්වාමිනාදන් වැඩිදුරටත් පැවසීය.