කැනේඩියානු නියාමකයන් විසින් එරට වැඩිහිටියන් සඳහා ඔක්ස්ෆර්ඩ්-ඇස්ට්‍රාසෙනෙකා කොරෝනා වෛරස ආරක්ෂණ එන්නතට අනුමැතිය ලබාදීම ඊයේ (26දා) සිදුව තිබේ.
ඒ අනුව ෆයිසර්-බයෝඑන්ටෙක් සහ මොඩෙර්නා යන එන්නත්වලට පසුව කැනඩාව විසින් කොළ එළියක් ලබාදුන් තුන්වැනි කොවිඩ්-19 ආරක්ෂණ එන්නත බවට මෙය පත්ව තිබේ.
වයස අවුරුදු 18 සහ ඊට වැඩි පුද්ගලයින් සඳහා මෙම එන්නත කැනේඩියානු සෞඛ්‍ය සේවාව විසින් අනුමත කරන ලදී. ප්‍රංශය ඇතුළු සමහර රටවල් ඇස්ට්‍රාසෙනෙකා එන්නත වයස අවුරුදු 65ට අඩු පුද්ගලයන් සඳහා පමණක් භාවිත කිරීමට අවසර දී ඇති අතර, එය ඊට ඉහළ වැඩිහිටියන් තුළ ක්‍රියාත්මක වේදැයි පැවසීමට ප්‍රමාණවත් සාක්ෂි නොමැති බව පවසයි. එහිදී බෙල්ජියම එයට අවසරදී ඇත්තේ වයස 55 සහ ඊට අඩු පුද්ගලයන් සඳහා පමණි.
ඇස්ට්‍රාසෙනෙකා එන්නත සායනික අත්හදා බැලීම්වලින් 62%ක කාර්යක්ෂමතාවයක් පෙන්නුම් කරන අතර, එය දැනටමත් බලයලත් සෙසු ප්‍රධාන එන්නත්වලට වඩා අඩු ආරක්ෂාවක් සපයන බව පෙනෙයි. නමුත් විශේෂඥයන් පවසා ඇත්තේ කාර්යක්ෂමතාව 50%ට වඩා වැඩි ඕනෑම එන්නතක් මගින් වසංගතය යළි පැතිරීම නැවැත්විය හැකි බවය.
කෙසේ වෙතත් දැනට පවතින සායනික අධ්‍යයන අත්හදා බැලීම් හතරක විශ්ලේෂණයන් මෙන්ම, එය අනුමත කර ඇති රටවල දත්ත පදනම් කරගෙන මෙම තීරණයට පැමිණි බව කැනේඩියානු සෞඛ්‍ය සේවය පවසයි.
"වයස අවුරුදු 65 සහ ඊට වැඩි පුද්ගලයින්ගේ කාර්යක්ෂමතාව සඳහා වූ ප්‍රතිශක්තීකරණ දත්ත, නැගී එන සැබෑ ලෝක සාක්ෂි සහ එන්නත යොදවා ඇති කලාපවල පශ්චාත් අත්දැකීම් මගින් සනාථ වෙනවා. මෙම අවස්ථාවේදී යෝජනා කරන්නේ එයින් ලැබෙන විභව ප්රතිලාභයන්. ඒ වගේම එමගින් සෞඛ්‍ය ආරක්ෂාවට තර්ජනයක් නොමැති බවත් කියැවෙනවා." කැනඩා සෞඛ්‍ය සේවය වැඩිදුරටත් පවසයි. "තොරතුරුවල සම්පූර්ණත්වය මත පදනම්ව, ඇස්ට්‍රාසෙනෙකා කොවිඩ්-19 එන්නතෙහි ප්රතිලාභ අවුරුදු 18 සහ ඊට ඉහළ වැඩිහිටියන් සඳහා යෝජනා කරනවා."