ඔක්ස්ෆර්ඩ්-ඇස්ට්‍රාසෙනෙකා එන්නත මගින් දකුණු අප්‍රිකාවේ ප්‍රථම වරට හඳුනාගත් කොරෝනා වෛරස ප්‍රභේදය නිසා ඇතිවන මෘදු හා මධ්‍යස්ථ රෝගවලට එරෙහිව අවම ආරක්ෂාවක් පමණක් ලබා දිය හැකි බව නිවේදනය කෙරිණි.
නමුත් මෙයින් අදහස් කරන්නේ රජයන් ඔවුන්ගේ ඇස්ට්‍රාසෙනෙකා තොග ඉවත දැමිය යුතු බවක් නොවේ. විශේෂඥයන් පවසන්නේ කොවිඩ්-19 දරුණු රෝග සහ මරණය වැළැක්වීම සඳහා මෙම එන්නත තවමත් ඵලදායී බවයි. නමුත් පෙර කී ප්‍රවෘත්තිය වසංගතයෙන් මිදීමට ලෝකයේ ප්‍රධාන බාධකයක් විය හැකි අතර, වෛරසය පුළුල් ලෙස සංසරණය වීම නතර වන තුරු එය අවසන් කළ නොහැකි වීම ඊට හේතුවයි.
මේ දක්වා භාවිතා කිරීම සඳහා අනුමත කර ඇති අනෙකුත් එන්නත් වලට වඩා ඔක්ස්ෆර්ඩ්-ඇස්ට්‍රාසෙනෙකා එන්නත ලාභදායී හා ප්‍රවාහනය හා ගබඩා කිරීම පහසු එන්නතකි. එබැවින් අඩු හා මධ්‍යම ආදායම් ලබන රටවල වසංගතයට එරෙහිව සටන් කිරීමේදී ප්‍රධාන කාර්යභාරයක් මෙම එන්නතට ඉටු කරයි. නමුත් නව ප්‍රභේදයට එරෙහිව එන්නත ප්‍රමාණවත් නොවන්නේ නම්, එය ලෝකයේ ධනවත්ම හා දුප්පත්ම රටවල් අතර දැනටමත් ඇති කර තිබෙන විශාල එන්නත් පරතරය තවත් පුළුල් කළ හැකිය.
දකුණු අප්‍රිකාවෙන් කරන ලද අධ්‍යයනයකින් කියැවුණේ එහි මුලින් හඳුනාගත් නව වෛරස් ප්‍රභේදයක් වන B.1.351 සඳහා ඇස්ට්‍රාසෙනෙකා එන්නතෙහි මාත්‍රාවන් දෙකක් මගින් මෘදු හා මධ්‍යස්ථ රෝගවලට එරෙහිව සැලකිය යුතු ලෙස අඩු ආරක්ෂාවක් ලබා දී ඇති බවයි.
මාධ්‍ය වෙත අදහස් දක්වමින් දකුණු අප්‍රිකාවේ කොවිඩ්-19 උපදේශක කමිටුවේ සම සභාපතිවරයෙකු වන මහාචාර්ය සලීම් අබ්දූල් කරීම් කියා සිටියේ, "පළමු පියවරේදී පුද්ගලයන් 100,000කට පමණ එන්නත් ලබා දීමෙන් අපි මෙය ආරම්භ කළා. අපි එම එන්නත් කළ පසු රෝහල්ගත වීමේ අනුපාතය දෙස බැලුවා. රෝහල්ගත වීමේ අනුපාතය සීමාවට වඩා අඩු බව අපට පෙනී යන්නේ නම්, අප බලන්නේ එවිට එන්නත කාර්යක්ෂම බව අපට විශ්වාස කළ හැකියි. එසේ නම්, අපට ඉදිරියට යාම දිගටම කරගෙන යා හැකියි" ඔහු පැවසීය. "නමුත් රෝහල් ගත කිරීම සැලකිය යුතු මට්ටමක පවතින බව අපට පෙනී ගියහොත්, අප අපේක්ෂා කළ ප්‍රමාණයට වඩා වැඩි නම්, එවිට එන්නත ලබාදීම නැවැත්විය යුතුයි. අප සිටින ස්ථානය ගැන සොයා බලා වෙනත් එන්නත්වලට මාරු විය යුතුයි."
ඒ අනුව ඇස්ට්‍රාසෙනෙකා එන්නත දකුණු අප්‍රිකාව තුළ භාවිත කිරීම දැනට නවතා දමා තිබේ. නමුත් ඇස්ට්‍රාසෙනෙකා එන්නත ලොව පුරා බොහෝ රටවල එන්නත් කිරීමේ වැඩසටහන්වල ප්‍රධාන එන්නතක් බවට පත්ව තිබේ.
එක්සත් රාජධානිය පසුගිය මාසයේ සිට එය පරිපාලනය කරමින් සිටින අතර රජය සඳුදා පැවසුවේ එය දිගටම භාවිතා කරන බවයි. එක්සත් රාජධානියද දකුණු අප්‍රිකානු ප්‍රභේදය අනාවරණය කරගත් අවම වශයෙන් රටවල් 41න් එකකි.
කෙසේ වෙතත් වයස් කාණ්ඩයේ ඇති කාර්යක්ෂමතා දත්ත සීමිත බැවින් යුරෝපීය රටවල් කිහිපයක්ම වැඩිහිටියන්ට මෙම එන්නත භාවිත නොකරන ලෙස උපදෙස් දී ඇතත් යුරෝපා සංගමය මෙම එන්නත අනුමත කර තිබේ.
දුප්පත් රටවලට කොවිඩ්-19 එන්නත් බෙදා හැරීමේ අරමුනින් ගාවි සහ ලෝක සෞඛ්‍ය සංවිධානය ඇතුළත් සන්ධානයක් වන COVAX වැඩසටහන මෙම එන්නත මත රඳා පවතී. පසුගිය සතියේ COVAX විසින් ලොව පුරා මාත්‍රාවන් මිලියන 337කට වඩා බෙදා හැරීමේ සැලසුමක් ප්‍රකාශයට පත් කළ අතර, එයින් මාත්‍රාවන් මිලියන 336ක් ඇස්ට්‍රාසෙනෙකා-ඔක්ස්ෆර්ඩ් එන්නත වන අතර, මාත්‍රාව මිලියන 1.2 ක් ෆයිසර්-බයෝඑන්ටෙක් එන්නත වේ.
ලෝක සෞඛ්‍ය සංවිධානයේ උපායමාර්ගික උපදේශක කණ්ඩායම ඇස්ට්‍රාසෙනෙකා එන්නත භාවිතය සඳහා නව නිර්දේශ සකස් කරමින් සිටින බවත්, ඒවා අධ්යක්ෂ ජනරාල් වෙත ඉදිරිපත් කරන බවත් COVAX හි විශේෂඥයන් කීවේය.
මේ කවර තත්ත්වයක් මත වුවද, තවමත් ඇස්ට්‍රාසෙනෙකා එන්නත බොහෝ රටවලට වඩාත්ම ප්‍රවේශ විය හැකි විකල්පය බවට පත්ව තිබේ.