එක්සත් ජනපදය තුළ නියාමන අනුමැතිය දිනා ගත්තද ඇස්ට්‍රාසෙනෙකා කොවිඩ්-19 මර්දන එන්නත ඇමෙරිකාවට අවශ්‍ය නොවනු ඇති බව එක්සත් ජනපදයේ බෝවන රෝග පිළිබඳ ඉහළම විශේෂඥයා වන වෛද්‍ය ඇන්තනි ෆවුසි බ්‍රහස්පතින්දා රොයිටර් පුවත් සේවයට පැවසීය.
එක්සත් ජනපදය ඇස්ට්‍රාසෙනෙකා එන්නත මාත්‍රාව භාවිත කරනු ඇතිදැයි ජනාධිපති ජෝ බයිඩන්ගේ ප්‍රධාන සෞඛ්‍ය උපදේශකයෙකුද වන වෛද්‍ය ෆවුසිගෙන් විමසූ විට ඔහු සඳහන් කළේ, එය තවමත් නිශ්චිත නොමැති බවයි.
"මගේ සාමාන්‍ය හැඟීම නම්, සමාගම් ගණනාවක් සමග ඇති ගිවිසුම් සබඳතා අනුව ඇස්ට්‍රාසෙනෙකා වෙත නොගොස් අපගේ සියලු එන්නත් අවශ්‍යතා සපුරාලීමට ප්‍රමාණවත් එන්නතක් අප සතුව ඇති බවයි." වෛද්‍ය ඇන්තනී ෆවුසි වැඩිදුරටත් පැවසීය.