ඔක්ස්ෆර්ඩ් විශ්ව විද්‍යාලයේ පර්යේෂකයන් බ්‍රිතාන්‍යයේ හය හැවිරිදි වියේ පසුවන ළමයින් දක්වාත් ඇස්ට්රාසෙනෙකාගේ කොරෝනා වෛරස එන්නත පරීක්ෂා කිරීම ආරම්භ කිරීමට සැලසුම් කර තිබේ.
මෙම එන්නත නිපදවූ ඔක්ස්ෆර්ඩ් විශ්ව විද්‍යාලයේ කණ්ඩායමක් පැවසුවේ වයස අවුරුදු 6-17 අතර ළමයින් හා යෞවනයන් සඳහා සහ ලන්ඩන්, සදම්ටන් සහ බ්‍රිස්ටල් යන ස්ථානවල මෙම එන්නත පරීක්ෂා කරන බවයි.
කොරෝනා වෛරස එන්නත පිළිබඳ තවමත් ළමයින්ට සම්බන්ධ අත්හදා බැලීම් ස්වල්පයක් පමණක් පවතී. එක්සත් ජනපදයේ, ෆයිසර් - බයෝටෙක්ස් සහ මොඩෙර්නා එන්නත් වයස අවුරුදු 12ට අඩු ළමයින් තුළ මේ වනවිට පරීක්ෂා කරනු ලැබේ.