ඇමෙරිකාවේ නිව්ජර්සි ප්‍රාන්තයේ ට්‍රෙන්ටොන් නගරයේ පැවති කලා උළෙලක් අතර සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයන් 22 දෙනෙකු තුවාල ලබා තිබේ.
ප්‍රහාරය එල්ල කළ සැකකරු 33 හැවිරිදි තහායිජ් වෙල්ස් ලෙස හඳුනාගෙන ඇති අතර, ඔහු පොලිස් වෙඩි පහරින් ජීවිතක්ෂයට පත්ව තිබේ.
මනුෂ්‍ය ඝාතන චෝදනා යටතේ සිරගතව සිට ඇති මොහු හිරෙන් නිදහස් වූ අවස්ථාවේ මෙම ප්‍රහාරය එල්ල කර ඇති බව අභිචෝදකයන් පෙන්වා දෙයි.
මේ අතර. ඔහුට ආයුද සැපයීමේ චෝදනා යටතේ 23 හැවිරිදි අමීර් ආම්ස්ට්‍රෝන්ග් ද අත්අඩංගුවට ගෙන තිබේ.
වෙඩි ප්‍රහාරයෙන් පුද්ගලයන් සිව්දෙනෙකුගේ තත්ත්වය බරපතල බවත්, ඒ අතර වයස අවුරුදු 13ක දරුවෙකු සිටින බවත් රෝහල් ආරංචි මාර්ග පවසයි. එමෙන්ම, අසාධ්‍ය තත්ත්වයේ පසුවන එක් අයෙකු ප්‍රහාරය දියත් කිරීමට පැමිණි සැකකරුවෙකු බව පවසන පොලීසිය ඔහුගෙන් මෙතෙක් කටඋත්තර ලබාගෙන නොමැති බවද පේනවා දෙයි.
මෙම ප්‍රහාරය සිදුවන අවස්ථාවේදී පුද්ගලයන් 1,000ක් පමණ ප්‍රදේශයේ ගැවසී ඇති අතර, උළෙල පැවැත්වෙන භූමියට ඇතුළුවන ස්ථානයේ ගිනි අවි පරීක්ෂණ උපකරණ තිබී නොමැති බවද සඳහන් වෙයි.