කොවිඩ්-19 හෙවත් නව කොරෝනා වෛරසය හේතුවෙන් ඇමෙරිකා එක්සත් ජනපදයේ සිදුව ඇති මරණ සංඛ්‍යාව 110,000 සීමාවට ළඟාවෙමින් තිබේ.
ජෝන්ස් හොප්කින්ස් විශ්වවිද්‍යාලයේ දත්තවලට අනුව අද (06දා) උදෑසන එම අගය දැකිවුණේ 109,143ක් වශයෙනි.
මේ අතර, එරටින් වාර්තා වන සමස්ත ආසාදිත අගය ලක්ෂ 19 සීමාවට ළඟාවෙමින් පැවති අතර, ජෝන්ස් හොප්කින්ස් විශ්වවිද්‍යාල දත්තවලට අනුව එය මේ වනවිට දැක්වෙන්නේ 1,897,838ක් ලෙසිනි.
ඇමෙරිකාවෙන් වාර්තා වන සමස්ත මරණවලින් මරණ 30,236ක්ම නිව්යෝක් ප්‍රාන්තයෙන් වාර්තා වන අතර, නිව් ජර්සි වෙතින් මරණ 12,049ක්, මැසචුසෙට්ස් වෙතින් මරණ 7,235ක්, පෙන්සිල්වේනියා වෙතින් මරණ 5,898ක්, ඉලිනොයිස් වෙතින් මරණ 5,795ක් සහ මිචිගන් වෙතින් මරණ 5,613ක් වශයෙන් එම මරණ වාර්තා වෙයි.
කෙසේ වෙතත් වෛරසය ආසාදිතව සුවය ලැබූවන් 491,706ක් මේ වනවිට ඇමෙරිකා එක්සත් ජනපදයෙන් වාර්තා වන බවද ජෝන්ස් හොප්කින්ස් විශ්වවිද්‍යාල දත්ත පවසයි.