ඇමෙරිකා එක්සත් ජනපදයේ ඊයේ (23දා) නිතුක් කළ නව වාර්තාවක් අනතුරු අඟවා සිටියේ කොරෝනා වෛරසයේ වැඩි සම්ප්‍රේෂණ හැකියාවක් ඇති නව ප්‍රභේදයක් හේතුවෙන් මාර්තු මාසයේ ආසාදන යළි ඉහළ යා හැකි බැවින්, දෙවැනි මාත්‍රාව කල්දමා වැඩි පිරිසකට එන්නත ලබාදිය හැකි ලෙස එන්නත් වැඩසටහන වේගවත් කරන ලෙසය.
මෙම නව වෛරසය ප්‍රභේද හමුවේ වයස අවුරුදු 65 ට වැඩි පුද්ගලයින් දරුණු රෝග හා මරණවලට ගොදුරු වීමේ වැඩි අවදානමක් ඇති බැවින් මිනසෝටා විශ්ව විද්‍යාලයේ බෝවන රෝග පර්යේෂණ හා ප්‍රතිපත්ති මධ්‍යස්ථානයේ වසංගත රෝග විද්‍යාඥ මයිකල් ඔස්ටර්හෝම් සහ ඔහුගේ කණ්ඩායම මෙම නිර්දේශ නිකුත් කර ඇත.
එක්සත් ජනපදයේ ආහාර හා ඖෂධ පරිපාලනය සහ රෝග පාලනය හා වැළැක්වීමේ මධ්‍යස්ථානයෙන් ඔවුන් ඉල්ලා සිටින්නේ එන්නත් කිරීමේ මාර්ගෝපදේශ වෙනස් කිරීමට උපකාරී වන උපදේශකයන් ඉක්මනින් එක්රැස් කර, වඩාත් අවදානමට ලක් වූ පුද්ගලයන්ට ඉක්මනින් එන්නත් ලබාදීමට පියවර ගන්නා ලෙසය. එක්සත් රාජධානියේදී ප්‍රථම වරට හඳුනාගත් B.1.1.7 වෛරස ප්‍රභේදය මේ ව්‍යාප්තිය වැඩිකරනු ඇති බව ඔවුන් කියයි.
"එක්සත් ජනපදය විසින් එක්සත් රාජධානියේ දක්නට ලැබුණු ආසාදන ප්‍රමාණයට සමාන වැඩිවීමක් අත්විඳින්නේ නම්, දිනකට රෝහල් ගතවීම් 175,000 සිට 193,000 දක්වා පෙර නොවූ විරූ ලෙස ඉහළ යා හැකියි. එය ජනවාරි මස මුලදී කොවිඩ්-19 නිසා රෝහල් ගත කළ 132,474ක් වූ එක්සත් ජනපදයේ උපරිම මට්ටම ඉක්මවා යනු ඇති." වාර්තාව කියයි. කොවිඩ් ලුහුබැඳීමේ ව්‍යාපෘතියට අනුව මේ වන විට එක්සත් ජනපදයේ කොවිඩ් -19 සඳහා පුද්ගලයින් 55,000 කට වැඩි පිරිසක් රෝහල් ගත කර ඇත.
එක්සත් ජනපදයේ ආහාර හා ඖෂධ පරිපාලනය සහ රෝග පාලනය හා වැළැක්වීමේ මධ්‍යස්ථානයට අනුව මේ දක්වා එරට මිලියන 44.5ක පමණ පිරිසකට අවම වශයෙන් එක් මාත්‍රාවක්වත් කොරෝනා වෛරස එන්නත ලබා දී ඇති අතර, මිලියන 20කට අඩු ප්‍රමාණයක් මාත්‍රාවන් දෙකම ලබාගෙන ඇත.