ඇමෙරිකා එක්සත් ජනපදයේ ගෙවීගිය දිනය තුළ නව කොරෝනා ආසාදිතයන් 20,000කට ආසන්න පිරිසක් හඳුනාගෙන ඇති අතර, ජෝන්ස් හොප්කින්ස් විශ්වවිද්‍යාලය දක්වා සිටියේ එම අගය 19,699ක් බවයි.
ඒ අනුව සමස්තයක් ලෙස එරටින් වර්තා වී ඇති මුළු කොරෝනා වෛරස ආසාදිත 1,851,520ක් දක්වා මේ වනවිට ඉහළ ගොස් තිබේ.
එමෙන්ම ගෙවීගිය දිනයේ වෛරසය ආශ්රිත මරණ 995ක් වාර්තා වී ඇති අතර, ඒ සමග සමස්ත මරණ සංඛ්‍යාව 107,175ක් දක්වා ඉහළ ගොස් තිබේ.
එහිදී මෙම අගයන්ට ඇමෙරිකාවේ ප්‍රාන්ත 50ම, කොලොම්බියා දිස්ත්‍රික්කයේ සහ අනෙකුත් එක්සත් ජනපද බලප්‍රදේශවල ආසාදිත අගයන් මෙන්ම නැවත එරටට ගෙන්වා ගත් ආසාදිතයන්ද ඇතුළත් බව දක්වයි.