ඇමෙරිකා එක්සත් ජනපදයේ කොවිඩ්-19 මරණ සංඛ්‍යාව 104,000 සීමාව කරා පැමිණ තිබේ.
ජෝන්ස් හොප්කින්ස් විශ්වවිද්‍යාල දත්තවලට අනුව එම අගය මේ වනවිට දැක්වෙන්නේ 103,781ක් වශයෙනි.
එමෙන්ම එරට සමස්ත ආසාදිත අගය 1,770,384ක් බවද එම විශ්වවිද්‍යාල දත්ත වාර්තා පෙන්වා දෙයි.
ඇමෙරිකාවේ මියගිය අය අතරින් වැඩිම පිරිස නිව්යෝක් ප්‍රාන්තයෙන් වාර්තා වන අතර, එම අගය 30,000 සීමාවට පැමිණ තිබේ. එය මේ වනවිට දැක්වෙන්නේ 29,710ක් ලෙසිනි.
ඇමෙරිකාව තුළ වෛරසය ආසාදිතව මේ වනවිට සුවය ලබා ඇති පිරිස 416,461ක් ලෙස වාර්තා වෙයි.