ඇමරිකානුවන් 100,000කට වැඩි පිරිසක් එක්සත් ජනපදයේ නව කොරෝනා වෛරසයෙන් ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වෙයි.
ජෝන්ස් හොප්කින්ස් විශ්ව විද්‍යාලයේ ආසාදිත වාර්තාවන්ට අනුව අද (28දා) අලුයම වනවිට එක්සත් ජනපදයේ කොවිඩ්-19 ආශ්රිත මරණ 100,396ක් සිදුව තිබේ.
එය සමස්ත වියට්නාම යුද්ධයේදී අහිමි වූ ඇමරිකානුවන්ගේ සංඛ්‍යාව මෙන් දෙගුණයකි. පෙබරවාරි 6 වැනි දින වෛරස් ආශ්රිත පළමු මරණය ඇමෙරිකාවෙන් වාර්තා වනවිට, නව කොරෝනා වසංගතය කොතරම් දරුණු වනු ඇතිද යන්න කිසිවෙකු දැන සිටියේ නැත.
නමුත් එතැන් සිට සෑම දිනකම සාමාන්‍යයෙන් ඇමරිකානුවන් 900 කට ආසන්න සංඛ්‍යාවක් කොවිඩ්-19 වෛරසය ආශ්‍රිතව මියගොස් තිබේ.
මේ අතර ඇමෙරිකාවේ සමස්ත ආසාදිත අගයද ලක්ෂ 17 සීමාවට ළඟාවී ඇති අතර, ජෝන්ස් හොප්කින්ස් විශ්වවිද්‍යාල දත්තවලට අනුව එම අගය 1,699,073කි. එරට වැඩිම මරණ වාර්තා වන්නේ නිව්යෝක් ප්‍රාන්තයෙනි. එම අගය 29,484කි.
ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අවසන් වරට අමෙරිකානු මරණ ගැන පුරෝකථනයක් ලබාදෙමින් කියා සිටියේ, ඇමෙරිකානුවන් 90,000ත් - 100,000ත් අතර පිරිසක් වෛරසයෙන් මියයනු ඇති බවය.
නමුත් මේ වනවිට ඇමෙරිකානු ජනාධිපතිවරයාගේ අවසන් පුරෝකථනයද ඉක්මවා ගොස් ඇත අතර, ඔහු ලෝකය හමුවේ තමන් දුර්වල රාජ්‍ය පාලනය විදහා දක්වා ඇත.