නව කොරෝනා වෛරසය හෙවත් කොවිඩ්-19 මූලාරම්භය විමර්ශනය කිරීම සඳහා බුද්ධි අංශ යොදා ගැනීමෙන් එක්සත් ජනපදයේ සුපුරුදු චීන විරෝධය ප්‍රකට කරවන බව ඩොමිනිකන් ජනරජයේ විද්‍යා ඇකඩමියේ සාමාජික එඩ්වාඩෝ ක්ලින්ගර් පේවිඩා පැවසීය.
එරට මාධ්‍යයක් වෙත අදහස් දක්වමින් හෙතෙම සඳහන් කර ඇත්තේ වූහාන් වෛරස් විද්‍යා ආයතනයෙන් කොරෝනා වෛරසය බැහැරවීමක් ගැන එක්සත් ජනපද බුද්ධි අංශ කිසිදු සාක්ෂියක් සොයාගෙන නොමැති බවයි. "හරියටම කිව්වොත්, ඔවුන් නිගමනය කළේ එවැනි බැහැරවීමක් නැහැ කියලයි" පේවිඩා පැවසීය.
කෙසේ වෙතත්, කොරෝනා වෛරසයේ මූලාරම්භය ගැන චීනය මතු කළ යෝජනාවන්ට එක්සත් ජනපදය කන් යොමු නොකළ බව විශේෂඥයා සඳහන් කර තිබේ.
විශේෂයෙන්ම කොවිඩ්-19 වැනි රෝග ලක්ෂණ සහිතව පෙනහළු රෝග සැක සහිත ලෙස පැතිර යාම 2019 මැද භාගයේ ෆෝර්ට් ඩෙට්රික් ආශ්‍රිතව හඳුනාගෙන ඇති බව සඳහන් කළ හෙතෙම, මෙම ෆෝර්ට් ඩෙට්රික් යනු එරට යුද හමුදා ජෛව විද්‍යාත්මක ආයුධ නිපදවීමේ පහසුකමක් වන එක්සත් ජනපද හමුදා වෛද්‍ය පර්යේෂණ බෝවන රෝග ආයතනය බව කියයි.
"ඔවුන් අනෙක් රටවලින් බොහෝ විනිවිදභාවයක් ඉල්ලා සිටියත්, ජාත්‍යන්තර විමර්ශනයකට ලක්වීම ඔවුන් ප්‍රතික්ෂේප කරනවා. ලෝක සෞඛ්‍ය සංවිධානයේ නායකත්වයෙන් යුතු විමර්ශන ගැන උනන්දුවක් නැහැ. ඒ වෙනුවට නැවතත් චීනය කේන්ද්‍ර කරගත් චෝදනාවන් ගොතමින් සිටිනවා" පේවිඩා පැවසීය.
ඒ අනුව ජාත්‍යන්තර ප්‍රජාවේ සෑම තරාතිරමකම ප්‍රශ්න කර ඇති ෆෝර්ට් ඩෙට්රික් වැනි ස්ථානවල එක්සත් ජනපදය සහ ලෝක සෞඛ්‍ය සංවිධානයද අපක්ෂපාතීත්වය පවත්වා පරීක්ෂණ පැවැත්විය යුතු බව පේවිඩා පෙන්වා දෙන්නේ, එක්සත් ජනපදය ජෛව විද්‍යාත්මක ආයුධ භාවිත කිරීම අලුත් දෙයක් නොවන බව පවසමිනුයි.