පුළුල් අනුමැතිය ලබාගැනීම සඳහා වූ ඉල්ලීම තරයේ ප්‍රතික්ෂේප කිරීමෙන් පසු, අවුරුදු 65 සහ ඊට වැඩි ඇමෙරිකානුවන් සහ රෝගබාධයන්ට වැඩි අවදානමක් ඇති ඇමෙරිකානුවන් සඳහා බූස්ටර් එන්නත් මාත්‍රාවක් නිර්දේශ කිරීම සඳහා එක්සත් ජනපදයේ ආහාර හා ඖෂධ පරිපාලනයේ (FDA) උපදේශකයන් අනුමැතිය ලබාදී තිබේ.
සෞඛ්‍ය සේවකයන් මෙන්ම, ගුරුවරුන් වැනි කොවිඩ්-19 වෛරසයට වෘත්තීයමය වශයෙන් නිරාවරණය වීමේ ඉහළ අවදානමක් ඇති අනෙකුත් සේවකයන්ද මෙසේ බූස්ටර් මාත්‍රාවක් ලබාගැනීම සඳහා නිර්දේශිත පිරිස අතර වෙයි.
යෝජිත අවසරයේ පටු පුද්ගල කාණ්ඩයක් තිබියදීත්, කමිටුවේ නිර්දේශය මගින් එක්සත් ජනපද එන්නත් කිරීමේ ව්‍යාපාරයේ මුල් අවධියේදී එන්නත් ලබාගත් බොහෝ ඇමෙරිකානුවන් ඉන් ආවරණය කෙරෙන බව කියයි.
පෙන්සිල්වේනියා විශ්ව විද්‍යාලයේ බෝවන රෝග විශේෂඥයෙකු සහ එහි සාමාජිකයෙකු වන ආචාර්ය පෝල් ඔෆිට් පැවසුවේ මෙම නිර්දේශය හේතුවෙන් සැප්තැම්බර් 20දා සිට පුළුල් බූස්ටර් එන්නත් ව්‍යාපාරයකට බයිඩන් පරිපාලනයේ නිර්දේශයෙන් පියවරක් පසුපසට තල්ලු වී ඇති බවයි.