තහවුරු කරන ලද කොවිඩ්-19 ආසාදිතයන් මිලියන 30ක සන්ධිස්ථානයක් එක්සත් ජනපදය පසුකර ඇති අතර, වෛරසය හේතුවෙන් 545,000කට අධික සංඛ්‍යාවක් මිය ගොස් තිබේ.
ඊට පිටුපසින් සිටින බ්‍රසීලයේ ආසාදිතයන් මිලියන 12කට අධික සංඛ්‍යාවක් සිටින අතර, ඉන්දියාව මිලියන 11ක් සමග ඊට පිටුපසින් සිටියි. රුසියාව, ප්‍රංශය සහ එක්සත් රාජධානිය යන රටවල් මිලියන 4.3කට වඩා ආසාදිතයන් වාර්තා වී ඇති අතර, ගෝලීය වශයෙන් මිලියන 2.7කට වැඩි පිරිසක් කොරෝනා වසංගතය හේතුවෙන් මේ වනවිට ජීවිතක්ෂයට පත්ව ඇත.
වසංගතයේ ආරම්භයේ සිට එක්සත් ජනපදයේ පමණක් 384,000,000ක් ඉක්මවා කොවිඩ්-19 පරීක්ෂණ සිදුකර ඇති අතර, එහි ප්රතිඵලයක්ලයක් ලෙස 30,000,000කට වඩා ධනාත්මක ප්‍රතිඵල ලැබී තිබේ.
ජෝන් හොප්කින්ස් විශ්ව විද්‍යාලයේ සංඛ්‍යාලේඛනවලට අනුව, එක්සත් ජනපදයේ ආසාදිතයන් මිලියන 30ක අගය ඉක්මවා ගිය ආකාරය පිළිබඳ කාලරාමුව මෙසේය.
- 2020 ජනවාරි 21 වැනි දින එක්සත් ජනපදයේ පළමු වැනි තහවුරු කළ ආසාදිතයා පිළිබඳ වාර්තා විය. ඉන්,
- දින 97කට පසු, එනම් 2020 අප්‍රේල් 27දා ආසාදිතයන් මිලියනයක් විය.
- දින 44කට පසු, එනම් 2020 ජූනි 10දා ආසාදිතයන් මිලියන 2කි.
- දින 43කට පසු, එනම් 2020 ජූලි 23දා ආසාදිතයන් මිලියන 5ක් විය.
- දින 108කට පසු, එනම් 2020 නොවැම්බර් 08දා ආසාදිතයන් මිලියන 10කි.
- දින 53කට පසු, එනම් 2020 දෙසැම්බර් 31දා ආසාදිතයන් මිලියන 20ක් විය.
- දින 82කට පසු, එනම් 2021 මාර්තු 23දා ආසාදිතයන් මිලියන 30කි.