නිව්යෝක් නගරයටත් වඩා විශාල අයිස් කුට්ටියක් ඇන්ටාක්ටිකාවේ එක්සත් රාජධානියේ විද්‍යාඥයන්ගේ කඳවුරක් ආසන්නයෙන් කැඩී ගොස් ඇති බව වාර්තා වෙයි.
ඇන්ටාක්ටිකාවේ බ්‍රන්ට් අයිස් පරයෙන් මෙම විශාල අයිස් කුට්ටිය කැඩී ගොස් ඇති බව එම විද්‍යාඥයන් තහවුරු කර ඇත.
වර්ග වර්ග කිලෝමීටර් 1,270ක් තරම් මෙම අයිස් කැබැල්ල නිව්යෝක් නගරයට වඩා විශාල අයිස් කුට්ටියක් බව කියැවෙයි.
මීටර 150ක ඝනකමකින් යුතු පාවෙන අයිස් තට්ටුවේ පැවති ඉරිතැලීම් හේතුවෙන් විශාල අයිස් කුට්ටියක් කැඩී යනු ඇතැයි විද්‍යාඥයන් මීට වසර ගණනාවක සිටම අපේක්ෂා කරමින් සිටි බව කියැවෙයි.