සායනිත තත්ත්වයන් තුළ පමණක් නොව සැබෑ ලෝකයේදීද කොවිඩ්-19 වැළැක්වීම සඳහා එන්නත් ඵලදායී බව තවත් නව පර්යේෂණවලින් පෙනී යන බව එක්සත් ජනපදයේ ආසාත්මික හා බෝවන රෝග පිළිබඳ ජාතික ආයතනයේ අධ්යක්ෂ වෛද්‍ය ඇන්තනී ෆවුසි අවධාරණය කරයි.
"මේ වනවිට, සති ගෙවීයත්ම, මෙම එන්නත් කාර්යක්ෂම වනවා පමණක් නොව, ප්‍රජාව තුළ SARS-CoV-2 (කොවිඩ්-19) ආසාදනය වැළැක්වීම සඳහා ඒවා අතිශයින්ම ඵලදායී බවට අපට වැඩි වශයෙන් සාක්ෂි ලැබෙමින් පවතිනවා" ජනාධිපති ජෝ බයිඩන්ගේ ප්‍රධාන සෞඛ්‍ය උපදේශකවරයාද වන ෆවුසි පවසයි.
"සෑම දිනකම මිලියන 2.5 ත් 3ත් අතර පිරිසකට දැන් අප එන්නත් ලබාදෙනවා. එබැවින්, සෑම දිනකම අපි ප්‍රජා මට්ටමින් දකින එම අසාමාන්‍ය ඵලදායීතාවයට සමීප වෙමින් සිටිනවා. ඒ වගේම දවස අවසානයේදී මේ ඵලදායීතාව තමයි, මේ රටේ මේ වසංගතය අවසන් කරන්නේ." ෆවුසි වැඩිදුරටත් පැවසීය.
කෙසේ වෙතත් තවදුරටත් එන්නත්කරණය යටතේ මුඛ ආවරණ, නිතර දෑත් සේදීම, සමාජ දුරස්ථකරණය ආදී මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ගවල නිරතවීමේ වැදගත්කමද වෛද්‍ය ඇන්තනී ෆවුසි අවධාරණය කළේය.