ඔස්ට්‍රේලියාවේ විශාලතම නගර දෙකෙහිම ආසාදන අඛණ්ඩව ඉහළ යමින් තිබියදීත්, මෙල්බර්න් සහ සිඩ්නි නගර ඉදිරි සති කිහිපය තුළදී දීර්ඝ කළ අගුලු දැමීමෙන් ඉවත් කිරීමට සැලසුම් සකස් කරමින් සිටින බව බලධාරීන් නිවේදනය කරයි.
ජාතික එන්නත්කරණ ආවරණය සමස්ත ජනගහනයෙන් 70-80% දක්වා ඉහළ යාමෙන් පසුව, වෛරසය මැඩපැවැත්වීමට වඩා ජීවත්වීමේ උපාය මාර්ගයකට මාරුවීම සඳහා ෆෙඩරල් රජය විසින් ජූලි මාසයේදී එළිදැක්වූ අදියර හතරක අගුලු විවෘත කිරීමේ සැලැස්මේ කොටසක් ලෙස මෙය සිදුවනු ඇත. කෙසේ වෙතත් එරට වැඩිහිටියන් සඳහා වන ජාතික එන්නත්කරණ අනුපාතය දැනට 40%ක් පමණ වේ.
වික්ටෝරියා මහ ඇමති ඩැනියෙල් ඇන්ඩෘස් පවසා සිටියේ ජනගහනයෙන් 70%කට අවම වශයෙන් එක් එන්නත් මාත්‍රාවක් හෝ ලැබෙන තුරු මෙල්බර්න්හි අගුලු දැමීමේ සීමා ලිහිල් නොකරන බවය.
නිව් සවුත් වේල්ස් මහ ඇමතිනී ග්ලැඩිස් බෙරෙජික්ලියන් කියා සිටියේ සිඩ්නි හි ව්‍යාපාර නැවත විවෘත කළ හැකි බවයි. ප්‍රාන්තයේ වැඩිහිටි ජනගහනයෙන් 70%ක් පූර්ණ එන්නතකරණයට ලක්වූ පසුව ඔක්තෝබර් මැද භාගයේදී ඉලක්කය කරා ළඟාවීමට නියමිතය.