ලොව පුරා වැඩිම කොවිඩ්-19 ආසාදිතයන් වාර්තා වන ලැයිස්තුවේ චීනය පසුකර ගිය නවතම රට බවට සෞදි අරාබිය පත්ව තිබේ.
නව කොරෝනා වෛරසය මුලින්ම ලෝකය පුරා පැතිරෙන විට ආසාදිත ලැයිස්තුවේ මුලින්ම සිටි චීනය මේ වනවිට එම ලැයිස්තුවේ 17 වැනි ස්ථානය දක්වා පසුබැස ඇත්තේ වෛරසය සම්පූර්ණයෙන්ම පාහේ පාලනය කරමිනි.
ඒ අනුව සෞදි අරාබිය එම ලැයිස්තුවේ 16 වැනි තැනට පත්ව ඇත්තේ කොවිඩ්-19 ආසාදිතයන් 87,142ක් සහ සමස්ත කොවිඩ්-19 මරණ 525ක් වාර්තා කරමිනි. එරට වෛරසය ආසාදනය වූවන්ගෙන් 64,306 දෙනෙකු සුවය ලබා තිබේ.