ආර්ජන්ටිනාවේ ජනාධිපති ඇල්බර්ටෝ ෆර්නැන්ඩස්ගේ PCR පරීක්ෂණය ධනාත්මක බව ඔප්පු වීමෙන් පසුව, ඔහුට කොරෝනා වෛරසයේ නව ප්රභේදයක් ආසාදනය වී ඇති බව ඊයේ (03දා) හඳුනාගෙන තිබේ.
PCR පරීක්ෂණයට පෙර, ෆර්නැන්ඩස් ඇන්ටිජන් පරීක්ෂණයකටද මුහුණදී තිබූ අතර, ඒ සමගම ජනාධිපතිවරයා ස්වයං හුදකලාව වෙත යොමුකර තිබුණි.
ජනාධිපතිවරයා කොවිඩ්-19 සඳහා එන්නත් මාත්රා ද්විත්වයම ලබාගෙන ඇති පුද්ගලයෙකු ලෙස වෛරසයට ගොදුරුවීම වඩාත් කතාබහට ලක්වන පුවතක් වී තිබේ.
ඔහු රුසියාවේ ස්පුට්නික්-වී කොවිඩ්-19 මර්දන එන්නත ලබාගෙන තිබූ අතර, සිය පළමු වැනි මාත්රාව ජනවාරි 21දා සහ දෙවැනි මාත්රාව පෙබරවාරි 11දා ලබාගෙන තිබුණි.