චීනයේ සීනොවැක් බයෝටෙක් විසින් ලබාදුන් එන්නත් යොදා ගනිමින් පසුගිය සෙනසුරාදා වනවිට අසර්බයිජානයේ පුද්ගලයින් 482,664ක් එන්නත්කරණයට ලක්කර ඇති බව එරට රජය පවසයි.
අසර්බයිජානය විසින් එන්නත් කිරීමේ වැඩසටහන ජනවාරි 18 වැනි දින නිල වශයෙන් ආරම්භ කරන ලද අතර එරට සෞඛ්‍ය අමාත්‍ය ඔග්ටේ ශිරාලියෙව් සහ ඔහුගේ නියෝජිතයින් මෙන්ම අනෙකුත් සෞඛ්‍ය නිලධාරීන් එන්නත ලබාගත් පළමු වැනි පිරිස අතර වූහ.
අසර්බයිජානය විසින් සීනොවැක් එන්නත මාත්‍රා මිලියන 4ක් මිලදී ගෙන ඇත.
මේ අතර, සීනොවැක් වෙතින් නව එන්නත් සමූහයක් පෙරේදා (20දා) කොලොම්බියානු බොගෝටා අගනුවර වෙත පැමිණ තිබේ.
කොලොම්බියාව කොවිඩ්-19 වසංගතයට එරෙහිව විශාල එන්නත් කිරීමේ ව්‍යාපාරයක් බදාදා දියත් කළ අතර, ජාතික එන්නත් කිරීමේ සැලැස්මේ පළමු වැනි අදියර තුළ සෞඛ්‍ය සේවකයින්ගේ සහ වයස අවුරුදු 80 ට වැඩි අයගේ ප්‍රතිශක්තිකරණය මූලික වී තිබුණි.
කොලොම්බියාවේ කොවිඩ්-19 ආසාදිතයන් ලක්ෂ 23ක් ඉක්මවා වාර්තා වන අතර, මරණ සංඛ්‍යාවද 62,000කට ආසන්න විය.