රුධිර කැටි ගැසීමේ බිය නිසා ඇස්ට්‍රාසෙනෙකා එන්නත් ලබාදීම තාවකාලිකව නවතා තිබූ ෆින්ලන්තය සහ අයිස්ලන්තය තම ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට යළිත් එන්නත් ලබාදීම අරඹා ඇති බව නිවේදනය කරයි.
ඒ අනුව මෙම එන්නත ලබාගැනීමෙන් වයස අවුරුදු 65ට වැඩි පුද්ගලයින් සඳහා රුධිර කැටි ගැසීමේ අවදානමක් නොමැති බව ෆින්ලන්ත සෞඛ්‍ය හා සුභසාධන ආයතනය (THL) පවසයි.
කෙසේ වෙතත් පරීක්ෂණ අඛණ්ඩව සිදුවන බැවින් වයස අවුරුදු 65 ට අඩු අයට මෙම එන්නත තවමත් ලබාදීම සිදු නොවන බව ඒජන්සිය පවසයි.
එමෙන්ම අයිසිලන්තයද වයස අවුරුදු 70ට වැඩි අයට නැවත ඇස්ට්‍රාසෙනෙකා එන්නත යළි ලබාගත හැකි බව නිවේදනය කළේය. ඔවුන් පසුගිය මාර්තු 11දා එන්නත භාවිතය තාවකාලිකව නවතා දමා තිබුණි.