අයිස්ලන්තයේ රේක්ජන්ස් අර්ධද්වීපයේ, රේක්ජවක් අගනුවරට නිරිත දෙසින් පසුගිය සිකුරාදා විදාරණය වූ ගිනි කඳු ක්‍රියාකාරිත්වය තරමක් අඩු වී ඇති බව අයිස්ලන්ත කාලගුණ විද්‍යා කාර්යාලය නිවේදනය කරයි.
ඒ අනුව මෙම වර්තමාන පිපිරීම කුඩා වන අතර ගිනිකඳු ක්‍රියාකාරිත්වය ප්‍රදේශයේ තරමක් අඩුවී ඇති බව ඒජන්සිය පවසන අතර, එම විදාරණය ආසන්න වශයෙන් මීටර් 500-700 ක් වන අතර ලාවා ප්‍රදේශය වර්ග කිලෝමීටරයකට වඩා අඩු බවද කියයි. කෙසේ වෙතත් ගිනි කඳු ක්‍රියාකාරිත්වය අඩු වුවද, ලාවා ගලායාම තවමත් උපද්‍රවයක් බවද ඔවුන් අනතුරු අඟවා තිබේ.
සිකුරාදා සිදු වූ මෙම විදාරණයෙන් පසුව ඉන් පිටවන ගෑස් විමෝචනය අඛණ්ඩව අධීක්ෂණය කරමින් සිටින බවද බලධාරීන් පවසයි. ගිනිකන්ද රටේ ප්‍රධාන ගුවන්තොටුපළ වන කෙෆ්ලාවික් ජාත්‍යන්තර ගුවන්තොටුපළට ආසන්නව තිබීම පිළිබඳව බලධාරීන් කණස්සල්ලට පත්ව සිටියේය. එමෙන්ම අවම අළු වැටීමක් පිළිබඳ අනාවැකි හේතුවෙන් සෙනසුරාදා ගුවන් තොටුපල සඳහා ගුවන් වර්ණ කේතය රතු සිට තැඹිලි දක්වා අඩු කරන ලදී.
එසේම ගිනිකන්දෙන් සැතපුම් කිහිපයක් ඇතුළත මිනිසුන් තම ජනේල වසාගෙන ගෘහස්ථව රැඳී සිටින ලෙස අයිස්ලන්තයේ සිවිල් ආරක්ෂණ හා හදිසි කළමනාකරණ දෙපාර්තමේන්තුව උපදෙස් දුන්නේය.