අප්‍රිකානු කලාපය තුළ වෛරසය තවදුරටත් පැතිරීම වැළැක්වීම සඳහා එම මහාද්වීපය දිගින් දිගටම උත්සාහ කරමින් සිටින අතරතුර, කලාපයේ සමස්ත කොවිඩ්-19 මරණ සංඛ්‍යාව සිකුරාදා 100,000ක් ඉක්මවා ගියේය.
රෝග පාලනය හා නිවාරණය සඳහා වූ අප්‍රිකානු මධ්‍යස්ථානයේ නවතම දත්තවලට අනුව, මහාද්වීපයේ මරණ 100,294ක් දක්වා ඉහළ ගොස් ඇති අතර, සමස්ත ආසාදන 3,796,354කි.
මරණවලින් බහුතරය දකුණු අප්‍රිකාවෙන් වන අතර, එහි මරණ 48,708ක් වාර්තා වී තිබේ. මෙය මහාද්වීපයේ සමස්ත මරණ සංඛ්‍යාවෙන් 48.56%කි.
ඊජිප්තුවේ වෛරස් ආශ්රිත මරණ 10,201ක් මහාද්වීපයේ දෙවැනි වැඩිම මරණ සංඛ්‍යාව ලෙස වාර්තා වෙයි. මීට අමතරව, මොරොක්කෝව (8,524) සහ ටියුනීසියාව (7,684) පමණක් කොවිඩ්-19 මරණ 5000 කට වඩා වාර්තා කර ඇත. ඒ අනුව අප්‍රිකානු කලාපයේ කොවිඩ්-19 මරණවලින් 74.89%ක්ම රටවල් හතරකිනි.
මහාද්වීපයේ රටවල් වෛරසය නැවැත්වීමේ උත්සාහයන් තුළ එන්නත් ලබා ගැනීම සහ බෙදා හැරීම කෙරෙහි අවධානය යොමු කර ඇති අතර, රටවල් කිහිපයක් දැනටමත් එන්නත් කිරීමේ වැඩසටහන් දියත් තිබේ.