නොරොච්චෝලේ ලක්විජය බලාගාරයේ අපිරිසිදු අපද්‍රව්‍ය සියල්ලම මේ වන විට මුහුදට මුදා හරමින් තිබෙන බව ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍රය පවසයි.
පුත්තලම දිසාපති, මධ්‍යම පරිසර අධිකාරියේ සභාපති, වයඹ පළාත් පරිසර අධිකාරියේ අධ්යක්ෂ වෙත එම කේන්ද්‍රය යොමුකළ ලිපියක මේ බව දැක්වෙයි.
බලාගාරයේ Treatment Plants හතරම අක්‍රීයව ඇති හෙයින් මළ අපද්‍රව්‍ය, කර්මාන්ත අපද්‍රව්‍ය, ගල් අඟුරු සේදී එන ජලය, අලු සේදී එන ජලය මේ වන විට පවිත්‍ර කිරීමකින් තොරව මුහුදට මුදා හරින බව එම සංවිධානය සඳහන් කරයි.
මෙය ලක්ෂ ගණනින් ජීවීන් සමූල ඝාතනය කරමින් සිදුකරන පරිසර විනාශයක් බවත් විදුලි බලාගාරය මේ වන විට ක්‍රියාත්මක වන්නේ විධිමත් පරිසර බලපත්‍රයක් නොමැතිව බවත් එම ලිපියේ දැක්වෙයි.