ඇමරිකා එක්සත් ජනපදයේ බෝවන රෝග පිළිබඳ සංගමය (IDSA) කියා සිටියේ ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) සමග එක්සත් ජනපද සබඳතා අවසන් කිරීමට ජනාධිපති ට්‍රම්ප් ගත් තීරණයට තමන් විරුද්ධ බවයි.
"වර්තමාන ගෝලීය අර්බුදයට එරෙහිව සටන් කිරීමේ පෙරමුණේ සිටින බෝවන රෝග වෛද්‍යවරුන් වශයෙන්, ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් ඉවත් වීමට ජනාධිපති ට්‍රම්ප් ගත් තීරණයට එරෙහිව අපි දැඩි ලෙස පෙනී සිටිනවා" IDSA සභාපති වෛද්‍ය තෝමස් ෆයිල් නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේය.
"බෝවන රෝගයක් පැතිරීමෙන් අපව ආරක්ෂා කිරීමට ජාතික සීමාවන්ට හෝ දේශපාලන ස්ථාවරයන්ට නොහැකි බව මේ වසංගතය මගින් පෙන්නුම් කර තිබෙනවා. මේ වසංගතයට හෝ අනාගතයේදී ඇතිවිය හැකි වසංගතයට එරෙහිව අප එකට සිටගෙන තොරතුරු හුවමාරු කර ගැනීම සහ ක්‍රියාකාරකම් සම්බන්ධීකරණය කිරීම නොකළහොත් අපට සාර්ථකත්වයක් දක්නට ලැබෙන්නේ නැහැ."