නව කොරෝනා වෛරසය වේගයෙන් ව්‍යාප්ත වන බ්‍රසීලය යළි විවෘත කිරීමට ඉක්මන් වීම ගැන ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු ඇඟවීමෙන් කෝපයට පත් එරට ජනපති ජෙයර් බොල්සොනාරෝ තම රටද ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් ඉවත් කර ගන්නා බවට තර්ජනය කරයි.
"මම දැන් ඔබට කියන්නෙ, එක්සත් ජනපදය ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් ඉවත්ව ගියා. අනාගතයේදී අපිත් එය කිරීමට අධ්‍යයනය කරමින් සිටිනවා" බොල්සනාරෝ පසුගියදා ජනාධිපති මන්දිරයෙන් පිටත මාධ්‍යවේදීන් අමතමින් පැවසීය.
කෙසේ වෙතත් බ්‍රසීලයේ වගකීමකින් තොරව රට යළි විවෘත කරමින් ජනාධිපතිවරයා මෙසේ හැසිරෙන විට එරට තුළ ගෙවීගිය දිනයේදීද වාර්තාගත ආසාදිත අගයක් වාර්තා වී තිබුණි.
ඒ අනුව අලුතින් තවත් 30,000ක් ඉක්මවා කොවිඩ්-19 ආසාදිතයන් වාර්තා වී තිබූ අතර, සමස්ත ආසාදිත අගය ජෝන්ස් හොප්කින්ස් විශ්වවිද්‍යාලය අද (07දා) අලුයම වාර්තා කළේ 645,771ක් ලෙසිනි.
එමෙන්ම ගෙවීගිය දිනයේ නව මරණ 1,005ක් වාර්තා වී තිබූ අතර, මේ වනවිට සමස්ත කොවිඩ්-19 මරණ සංඛ්‍යාව 35,026ක් ලෙස දැක්වෙයි.