2021 වසරේ අගෝස්තු මාසයේදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ගෝලීය විශේෂ ගැනුම් හිමිකම් වෙන් කිරීම යටතේ ලැබීමට නියමිත වූ ප්‍රමාණය සහ ශ්‍රී ලංකා මහ බැංකුව හා බංග්ලාදේශ බැංකුව අතර ඇති කරගත් ද්වීපාර්ශ්වික විදේශ විනිමය හුවමාරු ගිවිසුම යටතේ වූ මූලික ලැබීම් ශ්‍රී ලංකාව වෙත ලැබී තිබේ.
එහිදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ඇමෙරිකානු ඩොලර් මිලියන 787කට සමාන විශේෂ ගැනුම් හිමිකම් වෙන් කිරීමක් ශ්‍රී ලංකාව වෙත ලැබුණු අතර, බංග්ලාදේශ බැංකුවසමග වන විදේශ විනිමය හුවමාරු ගිවිසුම යටතේ ඇ.ඩො.150ක් ලැබුණු බව මහ බැංකුව පවසයි.
2021 අගෝස්තු 23 වැනි දින ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් එහි දැනට පවතින සාමාජිකයන්ගේ කෝටා ප්‍රමාණයෙන් සමානුපාතික වන ලෙස ඇ.ඩො.බිලියන 65කට සමාන විශේෂ ගැනුම් හිමිකම් වෙන් කිරීමක් සිය සාමාජික රටවල් අතර බෙදා හැර තිබේ.
බංග්ලාදේශ බැංකුව සමග ඇති කරගත් ඇ.ඩො.මිලියන 200ක් වන විදේශ විනිමය හුවමාරු පහසුකම දෙරට අතර ආර්ථික හා මූල්‍ය සහයෝගීතාව ශක්තිමත් කිරීමේ අරමුණින් ඇති කරගත්තක් බව මහ බැංකුව කියයි. මාස 3ක කාලයක් සඳහා ලබාදී ඇති මෙම මුදල් හුවමාරු පහසුකම, අනතුරුව සමාන අනුරූඵ කාලපරිච්ඡේද දෙකක් යටතේ යාවත්කාලීන කිරීමට හැකියාව පවතින බවත්, එය ඇ.ඩො.මිලියන 50, ඇ.ඩො.මිලියන 100 සහ ඇ.ඩො.මිලියන 50 වශයෙන් කොටස් තුනකින් ලබාදෙන බවත් කියයි. ඒ අනුව මින් පළමු වැනි කොටස් දෙක දැනටමත් ලැබී ඇති බව මහ බැංකුව වැඩිදුරටත් පවසයි.