IMF ප්‍රධාන ආර්ථික විද්‍යාඥ ධුරයේ වෙනසක් සිදුවෙයි
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) ප්‍රධාන ආර්ථික විද්‍යාඥයා ලෙස කටයුතු කළ ගීතා ගොපිනාත් වෙනුවට, මෙම මාසයේදී ප්‍රංශයේ උපත ලද ආර්ථික විද්‍යාඥ පියරේ-ඔලිවර් ගොරින්චාස් පත්කර ඇති බව අරමුදල නිවේදනය කරයි.
අරමුදල පැවසුවේ ගොරින්චාස් එලැඹෙන ජනවාරි 24 වැනි දින අර්ධකාලීනව සිය කටයුතු ආරම්භ කරන බවත්, පසුව අප්‍රේල් 1 වැනි දින සිට පූර්ණ කාලීනව අරමුදලේ ප්‍රධාන ආර්ථික විද්‍යාඥයා ලෙස සිය කාර්යභාරයට මාරුවන බවයි.
ගොරින්චාස් මීට පෙර ආර්ථික උපදේශකයෙකු ලෙස IMF හි පර්යේෂණ දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂවරයා ලෙසද කටයුතු කරනු ඇත.


-
sg Tuesday, 11 January 2022 06:30 PM
It's good for Sri Lanka if Sri Lanka intends to support from the IMF.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
