FB ගිණුම් පහෙන් එකක් FAKE
ලංකාවේ සෑම ෆේස්බුක් ගිණුම් පහකින්ම එක් ගිණුමක් ව්‍යාජ ගිණුමක් යැයි සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය පවසයි. ඔවුන් නිකුත් කළ නිවේදනයක දැක්වෙන් ලංකාව තුළ සමස්තයක් ලෙස ගතවිට ෆේස්බුක් ගිණුම් 20%ක් ව්‍යාජ ඒවා බවයි.
ශ්‍රී ලංකාවේ ජනතාවගෙන් මිලියන 4.5ක් මුහුණුපොත භාවිත කරන අතර එයින් 33%ක් කාන්තාවන් වන අතර 67%ක් පුරුෂ පක්ෂය වෙයි.
මේ අනුව ශ්‍රී ලංකාව තුළ අන්තර්ජාලය, මුහුණුපොත හා විද්‍යුත් උපාංග සඳහා ඇබ්බැහිය ඉහළ ප්‍රතිශතයක් විය හැකි බවත් එය සොයාගැනීම සඳහා විද්‍යාත්මක සමීක්ෂණයක් අවශ්‍යව ඇති බවත් කොළඹ රිජ්වේ ආර්යා ළබා රෝහලේ මනෝ වෛද්‍ය විශේෂඥ අපේක්ෂා හේවාගීගන මහත්මිය සඳහන් කරයි.
චීන ජනතාවගෙන් 10.2%, දකුණු කොරියාවේ ජනතාවගෙන් 20%ක් හා ජපාන ජනතාවගේන 9.2%ක් අන්තර්ජලායට ඇබ්බැහිවී ඇති බවට සමීක්ෂණවලින් පෙන්වා දී ඇති බවත් එම කාර්යාංශය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.



popular news
- 
                            
Champa Wednesday, 10 October 2018 02:58 PM
හුඟක් හොඳ අදහසක්. මේවා ගැන හොයන්න ඕනේ. ලංකාවේ මිනිස්සු මිලියන් 21කින් අන්තර්ජාලය භාවිතා කරන පිරිස මිලියන් 6ක්ද? FB පාවිච්චි කරන ගාන මිලියන් 4.5ක්. මට නම් FB එකක් නැහැ. කොහොමටත් තිබුනේ නැහැ.වැඩක් නැති නිසා. අපේ ගෙදර මිනිස්සු කවුරුවත් FB පාවිච්චි කරන්නේ නැහැ. නිකම් ඉන්න වෙලාව පාවිච්චි කරන්නේ කියවන්න, ක්‍රීඩා කරන්න, චිත්‍ර අඳින්න, සංගීතය අහන්න, ඇවිදින්න යන්න වගේ දේවලට. මේකේ මේ ඇබ්බැහිද කියල හොයන ප්‍රශ්න පත්තරේට අයිති මිනිස්සු කොච්චර ඉන්නවද කියලා දැන ගන්න ආසයි. ඉස්සර මිනිස්සු හුඟක් ඇබ්බැහි වෙලා හිටියේ computer games වලට. දැන් හුඟ දෙනෙක් internet එකට. හුඟක් මිනිස්සුන්ට වෙලා තියෙන්නේ නිකම් ඉන්න වෙලාව වැඩිකම සහ lethargic වෙලා ඉන්න එක. මේ හින්ද හුඟ දෙනෙක් මානසික සහ ශාරීරික ලෙඩ්ඩු වෙලා. කලාපයේ අනිත් රටවල් ඉක්මනට දියුණු වුනේ මිනිස්සු මහන්සි වෙලා වැඩ කරපු නිසා. ලංකාව හරි පාරට ගන්න කාලේ ඇවිල්ල. මේ ලිපිය හුඟක් වටිනවා. මේ වගේ අදහසක් සමාජෙට දීපු එක හුඟක් අගය කරනවා. අපේක්ෂා හෙවාගීගන මහත්මිය සහ ජානක සුනෙත් බණ්ඩාර මහත්මයට ස්තුතියි. රජයේ අනුග්‍රහයෙන් මේ සමීක්ෂණය කරන්න ඉඩ ප්රස්ථා සලසා දෙන්න ඕනේ.
Reply : 12 15
as Thursday, 11 October 2018 09:57 AM
test
Reply : 0 0
 
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

                    
                    
                                
                                
                                
                                
 
                                                
                                                
                                                
                                                
                                                
                                                