ලෝක සෞඛ්‍ය සංවිධානයේ ගෝලීය එන්නත බෙදාගැනීමේ වැඩසටහන වන COVAX වෙතින් පිරිනැමුණු පළමු වැනි එන්නත් තොගය අප්‍රිකාවේ ඝානාව වෙත ඊයේ (24දා) ලැබී තිබේ.
ඉන්දියාවේ සේරම් ආයතනය විසින් නිෂ්පාදනය කරන ලද ඔක්ස්ෆර්ඩ් - ඇස්ට්‍රාසෙනෙකා එන්නත් මාත්‍රා 600,000ක් රැගත් ගුවන් යානයක් අක්රා අගනුවරට ගොඩ බැස තිබුණි.
ඒ අනුව මාර්තු 2දා ආරම්භ කිරීමට නියමිත ඝානාවේ එන්නත් කිරීමේ ව්‍යාපාරයට පෙර මාත්‍රාව ශීත ගබඩා ස්ථාන වෙත ගෙන යන ලදී.
COVAX වැඩසටහන සැලසුම් කර ඇත්තේ ධනවත් හා දුප්පත් ජාතීන් අතර කොරෝනා වෛරස එන්නත් වඩාත් හොඳින් හා ඵලදායීව බෙදා හැරීම සහතික කිරීම සඳහා ය. 2021 අවසන් වන විට මාත්‍රාව බිලියන දෙකක් සිය සාමාජිකයින්ට ලබාදෙන බව COVAX පවසයි.